Colombo Today Local NewsTop Stories

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව එළඹෙන මැතිවරණයකට පෙර රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්කර ගැනීමට හැකි සියලු උපක්‍රම භාවිතාකරන බව පර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇති අතර ජාතික ආණ්ඩුවෙන් ඉවත්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා ඇතුළුව මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ 70 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම 70 දෙනා ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ 80 දෙනෙකු දක්වා වැඩිකර ගැනීම අපේක්ෂා කරන බවත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය නැති කිරීම එහි ප්‍රධාන අපේක්ෂාව බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරනයක් සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සහය දක්නව බවත් මන්ත්‍රීවරයා පවසයි.

Related posts

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday

ඉදිරි මහ කන්නයට පොහොර සහ බීජ ලබාදීමට සූදානම් -ජනපති

colombotoday

ඊලාම් රාජ්‍යක් ගැන බොරු කියලා මහින්ද ජාතිවාදය ඇවිස්සුවා – ආර්. සම්බන්ධන්

colombotoday

රාජපක්ෂලාට බැන්නා ඇති ! දැන්වත් රට හදමු ! – මුදල් ඇමති රවී

colombotoday

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday