Colombo Today Local NewsHot News

ආගමික සංස්කෘතියට විශේෂ ස්ථානයක් දෙන්න ඕන. මැයි දින සැමරුම් 7 වෙනිදාට කල්දැමීම වරදක් නෑ – මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරේදා (16දා) හිස තෙල් ගෑමේ උළෙලකට පොළොන්නරුව දියබෙදුම පැරකුම්ගම ශ්‍රී ඥනෝද්‍යා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු “මෙවර මැයි දිනය පවත්වන්නේ පළමුවැනිදාද 7 වැනිදාද?” යැයි නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙසේ සඳහන් කර සිටියේය,

“අපි ඉතාම සාර්ථකව මැයි දිනයක් පවත්වනවා ගාල්ලේදී. අපි ගෝල්ෆේස් ඉල්ලුවා දුන්නේ නෑ. පළමුවැනිදා අභයාරාමයේදී සංකේතවත් මැයි දිනයක් සමරනවා. තහනම් කරපු අවස්ථාවේදීත් අභයාරාමයේ දී කෙරිලා තියෙනවා. නමුත් 7 වැනිදා තමයි අපි ගාල්ලේදී මැයි දින රැලිය පවත්වන්නේ. මොකද වෙසක් උළෙල වෙනුවෙන් පළමුවැනිදා සමරන්න බෑ. 7 වැනිදා එපැයි පවත්වන්න. අපි වෙසක් පෝයට මුල් තැන දෙන්න ඕන. ලෝක මැයි දිනය සමරන එක අපි වෙනම සමරනවා කම්කරුවන්ගේ හිත් තුළ. නමුත් වෙසක් එක ආගමික සංස්කෘතියට විශේෂ ස්ථානයක් දෙන්න ඕන කියන එක තමයි මගේත් විශ්වාසය. වැරැද්දක් දකින්නේ නෑ ආණ්ඩුව ඒ දිනය වෙනස් කරපු එක ගැන.”

Related posts

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

මාතෘභූමිය පාවාදීම පුරපුරේ උරුමයක් කරගත් එක්නැලිගොඩලාගේ යටගියාව මෙන්න

colombotoday

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

19 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත් කෙරේ…

Admin

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin