Colombo Today Local News

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

අද (අප්‍රේල් 9) පස්වරු 3.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී රැස්වේ.

පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ විශේෂ සාකච්ඡාවක් සඳහා දේශපාලන බල මණ්ඩලය කැඳවා ඇති අතර, එහිදී කරුණු දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව ය.

මෙම සාකච්ඡාවේදී පක්ෂ විනය මණ්ඩලයට නියෝග කිහිපයක් නිකුත් කිරීමේ බලය පැවරීම හා පසුගිය මාර්තු 31 වන දා මැතිවරණ කොමිසමට භාරදුන් විගණනය කරන ලද පක්ෂයේ ගිණුම් ප්‍රකාශය පිළිබඳව දේශපාලන බල මණ්ඩලය දැනුවත් කිරීම සිදු කිරීමට නියමිත ය.

පක්ෂයේ විනය මණ්ඩලයට අවශ්‍ය නියෝග නිකුත් කිරීමේ බලය පක්ෂ දේශපාලන බල මණ්ඩලයට පැවරී ඇති බැවින් මෙම සාකච්ඡාවේදී විනය මණ්ඩලයට එවැනි නියෝග කිහිපයක් සඳහා බලය පැවරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු සමගි ජන බලවේගය නව දේශපාලන සන්ධානයට එක්වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

Related posts

ලිංගික අතවර කරමින් ගබ්සා කළ කොස්තාපල්වරයෙක් මාට්ටු

Admin

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

Admin

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

colombotoday

ඉරිදා උදේ 10ට දිවුරුම් දෙන්න එන්න – ජනපති රනිල්ට කියයි

colombotoday