Colombo Today Local News

මහසෝන් බළකා කාර්යාලයෙන් පෙට්‍රල් බෝම්බ කියා සොයාගෙන ඇත්තේ පොල්තෙල් බෝතල් !

පසුගිය දිනවලදී මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට වගකිව යුතු ‘මහමොළකරු‘යැයි පොලිසිය හදුන්වන ‘මහසෝන් බළකායේ‘ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේ වෙතත් ආරංචිමාර්ග පවසන්නේ එම ගැටුම ඇවිළවීට අමිත් වීරසිංහ සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි සපයා ගැනීමට පොලිසිය මේ වන තෙක් සමත්ව නැති බවයි.

‘මහසෝන් බලකාය‘ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය වටලා ජාතීන් අතර සමගියට බාධාවන භාණ්ඩ තොගයක් සහ පැට්‍රල් බෝම්බ යැයි සැකකෙරෙන බෝතල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ, එම කාර්යාලයේ තිබී සොයාගත් බව පැවසෙන ‘මහසෝන් බලකායේ‘ ලාංඡනය මුද්‍රිත මයික්‍රෆෝනයක්ද මාධ්‍යට පෙන්වමිනි.

මෙලෙස පෙට්‍රල් බෝම්බ යැයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම කාර්යාලයේ පහත මාළයේ පවත්වාගෙන ගිය “හෙළ බොජුන්“ අවන්හලේ කෑම පිසීමට භාවිතා කළ හිස් පොල්තෙල් බෝතල් තොගයක් යැයිද පැවසේ.

ජාතීන් අතර අසමගිතාව ඇති කරන ආකාරයේ අත් පළදනා තොගයක් සොයාගත් බව පොලිසිය පැවසූ අතර එම අත් පළදනාවල සදහන් ව තිබී ඇත්තේ “අපි බුදු බණට හීලෑ වුණු යක්කු බොලව්“ යන පාඨයයි.

එමෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිකරන අත් පත්‍රිකා සහ පෝස්ටර් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය පැවසූ අතර, එම පත්‍රිකා තොගයෙන් වැඩි ප්‍රමාණයක් සිංහල ව්‍යපාර සමග පමණක් ගනුදෙණු කිරීමේ අවශ්‍යතාවය හා ඉස්ලාමීය අන්තවාදය පිළිබදව සිංහල ජනතාව දැනුවත් කිරිම සදහා නිර්මාණය කළ ඒවා බවද පැවසේ.

කෙසේ වෙතත් මේ පිළිබදව අදහස් දක්වමින් ජාතික සංවිධාන ප්‍රධානියෙකු කියා සිටියේ, මහනුවර ගැටුම දුරදිග ගියේ පොලිසියේ දුර්වතා නිසා බවයි. සිය දුර්වලකම වසා ගැනීම සදහා රජය සහ පොලිසිය මේ වන විට අදුරේ අතපත ගාමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Related posts

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

colombotoday

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් තර්ජන

Admin