Colombo Today Local News

කොළඹ මහා විද්‍යාල මාවත මොහොමඩ් මහරූෆ් මාවත ලෙස වෙනස් කිරීමට සැරසෙයි.

කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ජින්තුපිටිය නාගරික කොට්ඨාශයේ වරිපනම් අංක 23 සහ මසන්ගස් වීදිය නාගරික කොට්ඨාශයේ වරිපනම් අංක 24 බී අතරින් ආරම්භ වී වරිපනම් අංක 239 සහ වරිපනම් අංක 254 අතරින් අවසන් වන මහා විද්‍යාල මාවත මොහොමඩ් මහරූෆ් මාවත යනුවෙන් නැවත නම් කිරීමට යෝජනාවක් දැනට කොළඹ මහ නගර සභාවේ සාකච්ඡා වෙමින් පවතියි.

යථෝක්ත මාර්ගයට මෙම නාමය යෙදීම සම්බන්ධව එම මාර්ගයෙහි පදිංචිකරුවන්ගෙන් හා ප්‍රදේශය පිළිගත් සංවිධානවල යම්කිසි විරුද්ධතාවක් ඇතොත් එම විරෝධතාව ලිඛිතව 2019 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 4.15 වෙන තෙක් බාරගන්නා බව සඳහන් කරමින් කොළඹ මහ නගර සභාවේ නාගරික ලේකම් වසන්ති රත්නපාල මහත්මිය දැන්වීම් පළකර ඇත.

වසර ගණනාවක් “මහා විද්‍යාල මාවත” ලෙස හැඳින්වූ ජනප්‍රිය විද්‍යාල ගණනාවක් ඇති මෙම මාර්ගයේ නාමය වෙනස් කිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර Colombo Today සිදුකල විමසීමකදී සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් ප්‍රකාශකර සිටියේ එළෙඹෙන සඳුදා සිට කොළඹ නගර සභාවේ මෙම ක්‍රියාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

කැලණි සරසවි සිසුන්ගේ, ශිෂ්‍ය මර්ධනයට එරෙහි විරෝධයකට ජල ප්‍රහාරයක්

Admin

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි නුවරඑළියේ පිරිස ආපසු හරවා යැවේ.

colombotoday

“එජාප නායකතුමා රාජපක්ෂලාගේ ලණු කන්නේ නෑ.. 2020 දක්වා ප්‍රධාන මැතිවරණ නෑ” – ඇමති චම්පික

colombotoday

යුරෝපා,ප්‍රංශ, ජර්මන් හා රොමේනියා තානාපතිවරුන් හා විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක්

colombotoday