Colombo Today Local NewsHot News

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් ඉවත් වන්න. දෙබිඩි වැඩ කරන්න එපා. – උලමට බොදු බලෙන් රෙදි ගැලවෙන පිළිතුරක්.

බොදු බල සේනා සංවිධානය විසින් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය වෙත පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.
අදාළ ලිපිය….

විවෘත ලිපියයි.
2021 සැප්තැම්බර් 24
සමස්ත ලංකා ජමයතුල් උලමා වෙත,

2021 සැප්තැම්බර් මස 22 දින යොමු අංකය : ACJU/NGS/2021/210 යටතේ සමස්ත ලංකා උලමා සංවිධානයේ ලේකම් අර්කම් නූරාමිත් ගේ අත්සනින් නිකුත්කළ ලිපියට යැවෙන පිළිතුරු ලිපියයි.

හිතවත් නූරාමිත්,

අපේ රටේ සංස්කෘතියට අනුව ජීවත් වෙමින් ආරක්ෂක අංශවලට පවා බැදී අතිවිශිෂ්ඨ සේවයක් කල “මැලේ මුස්ලිම් ප්‍රජාව” නියෝජනය කරන පුද්ගලයෙකු ලෙස ඔබ වහබ් සහ සලෆිවාදී උලමා සභාවේ ලේකම් ලෙස පත්වී මෙවන් සංවාදයකට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳව අප ඉමහත් සතුටට පත්වෙමු. විශේෂයෙන්ම වහබ් සහ සලෆිවාදී තබ්ලිග් ජමාත් සහ ජමාතේ ඉස්ලාම් ග්‍රහණයෙන් උලමා සභාව බේරාගෙන මෙරට සංස්කෘතියට අනුකූල මුස්ලිම් ප්‍රජාවක් බිහිකර ගැනීම සඳහා ඔබට ශක්තිය ලැබේවා යැයි අප ප්‍රර්ථනා කර සිටිමු. එබැවින් මීළඟ ලිපිය හෝ නිවේදනය නිකුත් කිරීමේදී සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය “වහබ්වාදය” පිළිගන්නවාද? ප්‍රතික්ෂේප කරනවාද? යන ඉතා වැදගත් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අමතක නොකරන ලෙස පළමුවෙන්ම සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම ප්‍රශ්නය ඥානසාර හිමියන් කිහිප අවස්ථාවක ප්‍රසිද්ධ සංවාදයන්හි මෙන්ම මාධ්‍ය හමුවලදී ද විමසා ඇති නමුත් අද වනතුරු උලමාගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කර නැත.

මීළඟට අවධාරණය කළ යුත්තේ පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කිසිදු අයුරකින් ආගමික අපහාසයක් සිදු කර නොමැති බවයි. උන්වහන්සේ සිදුකල ප්‍රකාශයට සම්පුර්ණ මුලාශ්‍රය බවට පත්වූවේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය නිකුත් කරන ලද කුරාණයයි. අප විසින් මීට ඉහතදී නිකුත්කළ නිවේදනයේ ඒ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති එම සංවිධානය නිකුත් කල කුරාණය පිළිබඳව අදහස් නොදැක්වීමෙන් ඉස්ලාම් වියතුන් යැයි කියාගන්නා උලමා සංවිධානය තවුහිඩ් ජමාත් පරිවර්තනය කරන ලද කුරාණය අනුමත කරනවා යැයි උපකල්පනය කිරීමට අපට සිදුවේ.

පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “ආගමික අපහාසයක්” සිදුකල බවට ඔබගේ සංවිධානය චෝදනා කරන ප්‍රකාශයට අදාළව කුරාන වැකි හදීස් පාඨ විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේ හැකියාව අපට ඇති නමුත් උලමා මෙන් “වහබ්වාදී” නොවන අපි ආදරය කරන මෙරට සංස්කෘතිය අනුව ජීවත්වන, සාමයට ලැදි මුස්ලිම් සහෝදරයන්ගේ සිත් පෑරීමක් සිදුවෙතැයි සිතන බැවින් එම කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ නැත.

නමුත් එක් පාඨයක් පමණක් ඔබට සිහිපත් කර දෙමු.
“අල්ලාහ් ගේ අනුමැතියෙන් තොර කිසිම දුර්භාග්‍යයක් ඇති නොවන්නේමය” (64:11) එය එසේනම් පාස්කු ප්‍රහාරය ඇතිවුවේ කෙසේද ? අල්ලාහ් ගේ අනුමැතියෙන් තොර යම්කිසි දුර්භාග්‍යයක් ඇති විය හැකියැයි ඉස්ලාම් ආගමික වියතුන් යැයි හඳුන්වා ගන්නා ඔබලා විශ්වාස කරන්නේනම් එය ද මීළඟ ලිපියෙන් දන්වා එවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

“අල්ලාහ් දෙවියන් විසින් පහළ කළාවූ ශුද්ධ වූ අල්-කුර්ආන්” ලෙස ඔබම හඳුන්වන ග්‍රන්ථය හෙළ සාහිත්‍යයේ කෘතියකට සමාන කිරීමට ඉස්ලාමීය වියතුන්යැයි කියාගන්නා ඔබලා පසුගිය ලිපියෙන් කටයුතු කර ඇති බවක් හැගී යයි.

සිංහල සාහිත්‍ය බිහිවී ඇත්තේ රස වර්ග නමයකිනි. බොහෝ විට එම රස අතිශ්‍යයෝක්තියෙන් වර්ණනා කර ඇත. එම රස වර්ග දෙවියන් විසින් පහළ කළ ග්‍රන්තයේ ද තිබෙනවා යැයි ඔබගේ සමාන කිරීමට අනුව අපට හැගී යයි.

  1. හාස්‍ය රසය
    හාස්‍ය යනු සිනහවයි. සිනා රසය ගෙන දෙන විහිළු ආදියෙන් සිතෙහි ප්‍රබෝධයක් ඇති කිරීම මෙය වේ.
  2. වීර රසය
    එලැඹි සෑම කටයුත්තකදීම නොබියව ජය ලබන අදහසින් ඉදිරිපත් වන්නා වීරයා වශයෙන් සැලකේ. එවැනි වීර අදහස් නිරූපනය කිරීමට වීර හැඟුම් ඇතිකරලීමට ඉවහල් වූ කාව්‍යය වීර රසයෙන් යුක්ත වේ.
  3. කරුණා රසය
    කරුණාව සහ දයාවයි. අන්‍යන් කෙරෙනි දයාව පැතිරවීමක් නොව, තමන්ට සිදු වූ යම් හේතූන් නිසා තමා අනුන්ගේ දයාවට භාජනය වන අයුරු කරුණු ඇතුලත් වීම.
  4. ශෘංගාර රසය
    තමා ඉතා ප්‍රිය කරන වස්තූන් කෙරෙහි සිත තුල ඇති වන ආශාව පංච කාම සම්පත්තිය පිළිබද වර්ණනාව ශෘගාරයයි . (ඇතැම් අවස්ථාවල) සාමාන්‍යයෙන් සලකන විට මෙය අසැබ් කථාවක් මෙන් වැටහේ. ප්‍රේමාන්විත කවි වල බොහෝ විට දක්නට ලැබේ
  5. බීබත්‍ස්‍ය රසය
    සිතේ පිලිකුල ඇති වන සේ අදහස් දැක්වීමයි.
  6. ශාන්ත රසය
    සිතේ ශාන්ත බවක් ඇති කරන අදහස් පහළ වීම ශාන්ත රසයයි.
  7. භයානක රසය
    බිය එලවන සුලු අදහස් දැක්වීම. සතුරාගේ භයානක ග්‍රහනයට අසු වූ වනිතාවකගේ අධික බිය වැනීම භයානක රසයයි.
  8. අත්භූත රසය
    පෙර නොවූ විරූ දැකීමෙන් හෝ ඇසීමෙන් සිතේ ඇති වන ආශ්චර්ය ඇති වේ. එවැනි අවස්ථාවක් වර්ණනා කරන කාව්‍ය මෙම නමින් හැඳින්වේ.
  9. රෟද්‍ර රසය
    සිතේ ඇති වන ක්‍රෝධය කාව්‍යයේ ලා වර්ණනා කල විට එය රෞද්‍ර රසයෙන් යුක්ත වේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පසුගිය ප්‍රකාශයට පදනම් වූ තවුහිඩ් ජමාත් සංවිධානය පරිවර්තනය කල කුරානයේ 8:30 වගන්තිය ප්‍රතික්ෂේප නොකරමින් සමස්ත ලංකා ජමයතුල් උලමා විසින් පරිවර්තිත කුරානයේ 8:30 පාඨය සඳහන් කර විස්තරයක් ඔබ විසින් දක්වා ඇත. අදාළ වැකියට සම්බන්ධ පාද සටහන් කියවන ලෙසත් ඔබ දන්වා ඇත.

“(නබිවරය,) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරවු.) ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” (මූලාශ්‍රය: අල්-කුර්ආන් 8:30)

“මෙම වැකිය පහළ කරන ලද්දේ මක්කාවාසී ප්‍රතික්ෂේපකයින් නබි මුහම්මද් තුමාණන්ව ඝාතනය කිරීමට නොයෙකුත් කුමන්ත්‍රණ කළ පසුබිමකයි.” යනුවෙන් 16 වන පාද සටහන භාවිතා කරමින් පසුගිය ලිපියේ ඔබ කරුණු අවධාරණය කර ඇත.

නමුත් “තවද අල්ලාහ් සැලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” යන්නට අදාළ 17 වන පාද සටහන අල් ටකියාවෙන් හිතා මතා වසන් කර ඇතැයි අප සිතමු. එහි සඳහන් වන්නේ “මිත්‍යා දෘෂ්ඨික ප්‍රතික්ෂේපකයින්වම ඝාතනය කිරීමට සැලසුම් කළේය” යන්නයි. එසේනම් “මිත්‍යා දෘෂ්ඨික ප්‍රතික්ෂේපකයින්” යනු කව්රුන්ද යන්න ඕනෑම තොත්ත බබෙකුට තේරෙන කරුණකි.

එමෙන්ම සමස්ත ලංකා ජමයතුල් උලමා කුරානයේ සඳහන් මක්කාවට අදාළ දේවල් මෙරටට අදාළ නැති බවක් ඔබ සඳහන් කිරීමට උත්සහ ගෙන ඇති බව අපට හැගී යයි. අපි ඒ පිළිබඳව සතුටු වෙමු. ඒ අනුව මක්කාවට සහ අනෙකුත් ප්‍රදේශවලට අදාළ බොහෝ දේ අපට අදාළ නැත. එසේනම් උලමා මෙතෙක් නිකුත් කර ඇති බොහෝ ෆත්වා සහ මගපෙන්වීම් ඔබගේ පසුගිය ලිපියට අනුව වලංගු නොවන්නේය. ඒ සියල්ලගේම සඳහන් කර ඇති කුරාන් වැකි ශ්‍රී ලංකාවට අදාල නොවන වැකි වීමත් එකල ජීවත්වූ ජනයා අමතා සිදුකල ප්‍රකාශ වීමත් හේතුවෙන් අපට එසේ සිතෙන්නේය..

උදාහරණ ලෙස යොමු අංකය: ACJU/NGS/2021/190 මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇති

“තවද යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) ඉතා යහපත් දැයින් (අයහපත) වළක්වවු. එ(සේ කළ )විට නුඹ අතර හා කවරෙකු අතර සතුරුකමක් ඇත්තේ ද ඔහු සැබැවින්ම සමීපතම මිතුරෙකු මෙන්( වන්නේ)ය.” ( 41:34)

එය පවසා ඇත්තේ මලක්වරුන් ටය. එබැවින් පසුගිය ලිපියට අනුව ශ්‍රී ලංකාවට එය අදාළ වන්නේ කෙසේද?

2021.01.15 දිනැති භූමිදානය අනිවාර්ය කරමින් නිකුත්කළ ෆත්වා අංක ACJU/FTW/2020/01-416 දරන ෆත්වාව නිකුත් කිරීමට මදීනාවේ සිදුවූ සිද්ධියකට අදාළ වැකියක් මුලාශ්‍ර කරගෙන ඇත.

“තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනිවු. ඔහු නුඹලාට කුමක් තහනම් කළේ ද (එයින්) වැළකී සිටිවු. අල්ලාහ්ට බිය භක්තිමත් වවු.” (අල් හෂ්ර් – වැකිය 07)

එය පවසා ඇත්තේ මදීනාවේ නම් පසුගිය ලිපියට අනුව ශ්‍රී ලංකාවට එය අදාළ වන්නේ කෙසේද?

“එයින්(පොළොවේ ඇති පස් වලින්) අපි නුඹලාව මැව්වෙමු. තවද අප නුඹලාව නැවත එහි යොමු කරන්නෙමු. තවද අපි තවත් වතාවක් නුඹලාව එයින් (විනිශ්චය දිනයෙහි) පිට කරන්නෙමු.” (තාහා – වැකිය 55)

නබි මුහම්මද් තුමාණන් හා ඔහුගේ සගයින් ප්‍රතික්ෂේපකයින්ගේ හිරිහැරයට ලක් වෙමින් සිටියදී ඔවුන්ට සැනසිල්ලක් වශයෙන් මෙය මක්කා ජීවිතයේ ආරම්භක අවස්ථාවේ පහල වූ බව උලමා කුරානයේ ම සඳහන් කර ඇත.

එය පහලවුවේ එලෙසනම් ශ්‍රී ලංකාවට එය අදාළ වන්නේ කෙසේද?

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව ඉවත් විය යුතුය. ජනතාව තවදුරටත් රැවටීමට නුඹලාට නොහැක. අල් කුරානයේ සඳහන් යමක් අප පැවසූ විට එය මක්කාවේ නැත්නම් මදීනාවේ සිදුවූ දෙයක් යනුවෙන් සඳහන් කර ගැලවී යයි. නමුත් නුඹලාට යම්කිසි ආගමික අයිතියක් ලබා ගැනීමට එම වැකිම භාවිතා කරයි. එනිසා දෙබිඩි පිළිවෙතින් බැහැරව එක් ස්ථාවරයක් ගන්නා ලෙස දැන්වීමට කැමැත්තෙමි.

තෙරුවන් සරණයි…!!!
බොදු බල සේනා මාධ්‍ය අංශය

Related posts

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday

අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර

Admin

බිල ගෙවන බදු ගෙවන මහජනතාවට අද සිට යලිත් අදුරේ ඉන්න දැනුම් දෙයි

Admin

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි – හිටපු ඇමරිකන් තානාපති කියයි

colombotoday

හරක් හොරකමේ ගිය පීසී අල්ලයි

Admin

විදේශ සංචිත සිදිලා.උද්ධමනය ඉහළ ගිහින්. ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ ආසන්නයේ – The guardian ලොවටම කියයි

colombotoday