Colombo Today Local News

සුපිරි වෙළඳ සැල් සඳහා මත්පැන් බලපත්‍ර විශාල ප්‍රමාණයක්. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විස්තර ඉල්ලයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජය යටතේ සුපිරි වෙළඳ සැල් සඳහා මත්පැන් බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත් එම බලපත්‍ර සඳහා අලෙවිසැල් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මුලින් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් දැනගන්නට ඇත.

මෙම බලපත්‍ර ග්‍රාමීය ප්‍රදේශවල ද ස්ථාපිත කිරීමට කටයුතු කරන බව වාර්තා වී ඇති අතර, දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශ වන දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පමණක් නව සූපිරි වෙළඳසැල් හතරක් පමණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ 2020 ඔක්තෝම්බර් 1 දින සිට 2021 ජනවාරි 10 වැනි දින දක්වා වයින් ස්ටෝර්ස් පවත්වාගෙන යෑම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණය පිළිබඳව විමසමින් ලිපියක් ද යොමු කර ඇත.

Related posts

ඇමරිකානු හමුදා බලඇණියක් ත්‍රිකුණාමලේ !

colombotoday

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින්ම සිසුන් අතට… ගුරුවරුන්ට කට වහගන්නැයි බලධාරීන් දන්වලා !

colombotoday

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday

‘ආවා’ කල්ලියෙන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! නිවාස සහ වාහනවලට හානි!

colombotoday

විපක්ෂ නායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday