Colombo Today Local NewsExclusive :featured

ශ්‍රී ලංකාවේ සිට හදාරන මැලේසියානු උපාධි මැලේසියාවේ හෝ ලෝකයේ අනෙකුත් රටවල පිලි නොගනී.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන විසින් සිදුකෙරෙන මැලේසියානු උපාධි තවදුරටත් පිලි නොගනීමට Malaysian Qualifying Agency (MQA- National Accreditation Board) විසින් තීරණය කර ඇත.

මේ අනුව 2025 ජනවාරි 1 වන දින සිට ලියාපදිංචි වන මැලේසියානු විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා මෙරට සිට හදාරන සිසුන්ට MQA Malaysia වෙතින් අක්තපත්‍ර අනුමැතිය නොලැබේ.

මෙම තීරණයත් සමග ශ්‍රී ලංකාවේ සිට හදාරන මැලේසියානු උපාධි,

  • CGFNS International, Inc. – Nursing Credentials Evaluation
  • NZQA: The New Zealand Qualifications Authority
  • ECCTIS:UK

ඇතුළු ලොව පුරා අනෙකුත් රටවල ක්‍රියාත්මක ආයතන විසින් උපාධියක් ලෙස පිලි නොගනු ඇත.

මෙම තොරතුරු මැලේසියානු සුදුසුකම් අධිකාරිය (MQA- National Accreditation Board) විසින් නිල වශයෙන් සන්නිවේදනය කර ඇත. ඒ අනුව එවැනි සුදුසුකම් ලබා ගන්නා සිසුන්ට UGC ශ්‍රී ලංකා පිළිගැනීම දිගටම පවතිනු ඇත. MQA ලියාපදිංචි වීමට අදහස් කරන සිසුන් ඔවුන්ගේ අවසන් වසර මැලේසියාවේදී සම්පූර්ණ කළ යුතුය.

Related posts

පාසල්වලට දරුවන් එවීම ගැන විශේෂ දැනුම්දීමක්

colombotoday

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday

සියළුම දෙමළ මන්ත්‍රීවරු එක්වෙයි… “දෙමළ මන්ත්‍රී සංසදය“ හදයි !!

colombotoday

ඉස්ලාම් ත්‍රස්ත බිය ලංකාවටත් දැනෙයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තර කරයි

colombotoday

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

අබලන් ගොඩනැගිලි හා පරිශ්‍ර පිළිබඳ වහා පියවර ගන්නැයි පළාත් බලධාරින්ට උපදෙස්

Admin