Colombo Today Local News

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

මාතලේ නගරයේ අවන්හළක කාමරයක් තුළ  ලැගුම්ගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් ඇතිවු පිහි ඇනුමකින් එක් පුද්ගලයකු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව මාතලේ පොලිසිය පවසයි.

මාතලේ වාලවෙල හා රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 හා 24 වයසැති මෙම තරුණයින් දෙදෙනා වසර දෙකකට පමණ පෙර එක් තරුණයකුගේ දුරකථනයකට පැමිණි කෙටි පණිවිඩයක් හේතුවෙන් දැන හඳුනා ගෙන මාස ගණනක් දුරකථනයෙන් කථා කර ඇති කරගත් හිතවත්කම සමගිංගික ඇසුරක් බවට පත්ව ඇති බවට පොලිසිය විසින් සිදුකරන ලද මුලික පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.

මෙම තරුණයින් දෙදෙනා විටින් විට ඔවුන්ගේ නිවෙස් හි  දින ගණන් නැවති මිතුරන් ලෙස ආශ්‍රය කර ඇති අතර පසුගිය වසරේදී මෙම තරුණයින් දෙදෙනා මාතලේ නගරයේ ප්‍රධාන සිල්ලර බඩු වෙළඳසැලක සේවයට එක්වී එහි නැවතුම්පළහි  නතර වී සේවය කර තිබේ.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු එහි සේවයෙන් ඉවත්වී විදේශ ගතවීමට තීරණය කර ඇති අතර එම තීරණයට උරණ වු අනෙක් තරුණයා අත්‍යවශ්‍ය කාරණයක් කීමට ඇති බව පවසා අවසන් වරට ඔහුව හමුවන ලෙස ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට අනුව මාතලේ නගරයට පැමිණි එම තරුණයා සමඟ මාතලේ හිග්ගොල්ල ප්‍රදේශයේ අවන්හළක නතර නතරවු මොවුන් දෙදෙනා අතර විදේශ ගතවීමට ගත් තීරණයට එරෙහිව ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් පිහිඇණුමක් දක්වා වර්ධනය වී ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් දෙදෙනොගෙන් එක් අයකුගේ ඇඳුම් බෑගයේ සඟවා තිබු වස බොතලක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

Related posts

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

colombotoday

රජයේ ඖෂධවේදීන් දිවයිනපුරා සංකේත වැඩ වර්ජනයක

Admin

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් උපරිමයෙන් බලය බෙදා ගන්න දෙමළ-මුස්ලිම් සාකච්ඡා

colombotoday

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday