Colombo Today Local News

LED දේශපාලන දැන්වීම් තහනම් කල මැතිවරණ කොමසාරිස්ට එරෙහි නඩුව 31 ට කල් යයි.

ජනාධිපතිවරන අපේක්ෂකයින් ඩිජිටල් මීඩියා LED පුවරුවල සහ සිනමාශාලාවල සිදුකරන දේශපාලන දැන්වීම් වළක්වාලමින් මැතිවරණ කොමසාරිස්වරයා නිකුත් කර ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් Emerging Media (Private) Limited ආයතනය විසින් ගොනු කල පෙත්සම අද(25) දිනයේ ශ්‍රේෂ්ඨාදිකරණයේදී කැදවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුනු දැක්වීමට වෙනත් දිනයක් ඉල්ලා සිටින ලදි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව ජනාධිපතිවරනයට අදාල බැවින් කෙටි දිනයකින් කැදවන ලෙසයි. ඒ අනුව අග විනිසුරුවරයා මෙම නඩුව ලබන 31 වන දින කරුනු දැක්වීම සදහා කැදවන ලෙසට නියෝග කරන ලදි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයට එරෙහි මෙම නඩුවේ පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, පුලස්ති රූපසිංහ, ඉරේෂ් සෙනවිරත්න,නීතිඥ සංජය මාරබේ යන මහත්වරු නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටින ලදී.

Related posts

චාවකච්චේරි බෝම්බකරු එඩ්වඩ් ජූලියන්, ප්‍රභාකරන්ගේ සමීප සගයෙක් !

colombotoday

මහ වැස්සේ පොල් පෝලිමේ

Admin

මවයි පියයි මාස 6 බිලිඳිය වැසිකිලි වළට දාලා

colombotoday

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday