Colombo Today Local News

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

ඉන්ධන අලෙවියෙන් සංස්ථාව ලබන පාඩුව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් ඊයේ (17දා) වන විට ඞීසල් ලීටරයකින් රුපියල් 38ක පාඩුවක් ද පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 25ක පාඩුවක්ද සිදුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කීය.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් සියය ඉක්මවා ගොස් ඇතිමුත් මෙරට මිල ගණන් ඊට සාපේක්‍ෂව ඉහළ නොදැමීම නිසා ඉකුත් ඔක්තෝබර් මාසයේදී පමණක් සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 1000 ඉක්මවා තිබූ අතර මෙම නොවැම්බර් මාසයේදීත් සංස්ථාව රුපියල් කෝටි 1000 ඉක්මවා පාඩුවක් ලබනු ඇතැයි ගණන් බැලීමේදී පෙනීයන බවද ඒ මහතා කීය.

ඒ අනුව මාස දෙකකදී තෙල් සංස්ථාව ලබන කෝටි 2000ක පාඩුව ඉතිහාසගත පාඩුවක් යැයිද ඒ මහතා සඳහන් කළේය.

ජනතාව මත ඉන්ධන මිල පතිත නොකර එම පාඩුව රජය මගින් දරා ගත්තත් අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරය මෙම පාඩුව දරනු ඇති බවත් ජනතාවගේ වගකීම වන්නේ අරපරිස්සමින් ඉන්ධන භාවිතා කිරීම බවත් තෙල් සංස්ථා සභාතිවරයා කියා සිටියේය.

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි සිතා බොහෝ දෙනා වැඩිපුර ඉන්ධන ලබාගෙන තිබෙන බැවින් ඒ අය තමන් සතු ඉන්ධන අරපරිස්සමින් භාවිතා කිරීම මේ අර්බුදකාරී මොහොතේ අතිශය වැදගත් වනු ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවැසීය.

Related posts

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

2020 එජාප ජනපති අපෙක්ෂකයා රනිල්…

colombotoday

25,000 දඩය 50,000 වෙයි.. වසර දහයක සිර දඩුවමකුත් නිර්දේශ වෙයි !!

colombotoday

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

මිළ වැඩිකරන තුරු කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි… රට පුරා කිරිපිටි හිගයක්…

colombotoday