Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති සමග කේක් කැපූ පිරිස නිරෝධායනයට

කුරුණෑගල පොලිසිය සංවිධානය කළ පිංකම් අවස්ථාවේදී කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ උපන් දිනය වෙනුවෙන් එදින කේක් කැපිමේ අවස්ථාවට සහභාගි වූ පිරිස නිරෝධායනය සඳහා යොමුකළ බව වයඹ ප‍්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඊයේ (2) පැවසීය.

මේ අනුව කුරුණෑගල නගරාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳත් සහකාර පොලිස් අධිකාරි සමිත් දිසානායක මහතා ඇතුළු පිරිසත් මෙසේ නිරෝධායනය සඳහා යොමුකර ඇත.

මෙම කේක් කැපීම එදින පිළියෙල කළ බව කියනු ලබන සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණවල නියැළී සිටියි.

Related posts

පෙට්‍රල් – ඩීසල් ප්‍රමිතිය ගැන දැනුම්දීමක්

Admin

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

අන්තර් ජාලයෙන් වංචා රැසක්.. පොලීසියෙන් අනතුරු ඇඟවීම්

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday