Colombo Today Local NewsTop Stories

කූරගල අනවසර මුස්ලිම් පල්ලියට ඊයේ රාත්‍රියේ හෙන ගහලා

ක්‍රි.පු දෙවන සියවසට අයත් බෞද්ධ ආරම සංකීර්ණයක නටඹුන් සහිත පුරාවිද්‍යා භූමියක් වන කූරගල මීට කලකට ඉහතදී මුස්ලිම් ජාතිකයන් විසින් ආක්‍රමණය කර ඉස්ලාම් දේවස්ථානයක් ඉදිකර තිබුණි. එම දේවස්ථානයට ඊයේ රාත්‍රියේ හෙන පතිත වී තිබෙන බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව අප, බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් විමසීමක් සිදු කල අතර එහිදී, කූරගල අනවසර පල්ලියට හෙන පතිතවීම පිළිබඳව තමන්වහන්සේට දැනගන්නට ලැබුණු බවත් ඇඳිරි නීතිය පනවා ඇති මේ මොහොතේ මුස්ලිම් පිරිස් එකතුව යලි මෙම පල්ලිය පිළිසකර කිරීමට උත්සහ ගන්නා බවට දැනගන්නට ලැබෙන බවත් සඳහන් කර සිටියා.

මේ පල්ලිය ඉවත්කරන ලෙසට අධිකරණ නියෝග කිහිපයක් නිකුත් කර ඇති බවත් එම අධිකරණ නියෝග හේතුවෙන් කිසිවෙකුටත් මෙම පල්ලිය පිළිසකර කිරීමට නීතියෙන් අවස්ථාවක් නැති බවත් සඳහන් කර සිටි උන් වහන්සේ එසේ කිරීමට කවුරුන් හෝ උත්සහ ගන්නේනම් අධිකරණ නියෝග කඩකිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ වැරදි මත ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල යුතු බවත් අවධාරණය කර සිටියා.

මෙම ආන්දෝලනයට පත්ව ඇති කූරගල පුරාවිද්‍යා ස්ථානයේ යම් කිසි සිද්ධියක් සිදුවීම රටේ ආගමික සහජීවනයට සෘජුව බලපාන කාරණයක් බැවින් වහාම කූරගල පුරාවිද්‍යා භුමියේ ආරක්ෂාවට යුධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ යෙදවීමට ක්‍රියා කරන ලෙසත් ඥානසාර හිමියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

Colombo Today 2018 වසරේදී කූරගල සංචාරයක යෙදුන අතර ඒ අවස්ථාවේ දර්ශන…

Related posts

මාතර – මත්තල අධිවේගයේ බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් !

colombotoday

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

මෛත්‍රී-රනිල් පාලනයෙන් රට නැවතත් කාලිංග-මාඝ යුගයකට

colombotoday

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්!

Admin

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

colombotoday

Unlimited අන්තර්ජාල පැකේජ ගැන TRCයෙන් නියෝගයක්.

colombotoday