Colombo Today Local News

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

 යාපනයේ වැල්වෙට්‌ටිතුරෙයි තුරුවිල් ප්‍රදේශයේ ස්‌ථානයක හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකුගේ පිළිරුවක්‌ ඉදිකිරීමට ගිය අවස්‌ථාවේදී  6 දා දහවල් පළාතේ තරුණයන් පිරිසක්‌ ඊට විරෝධය පළකොට පොලිසිය ද කැඳවා තිබේ.

මේ විරෝධය එල්ලකොට තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් හා ඇමැතිනි ආනන්දි සෂිහරන් යන දෙදෙනාට හා සංවිධායකයන්ට එරෙහිවය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රාදේශීය නායකයකු වූ කුමරප්පා පුලේන්ද්‍රන් නමැත්තාගේ උපන් ගම වූ වැල්වෙට්‌ටිතුරේ තුරුවිල් ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයක එම පිළිරුව ඉදිකිරීමට ඔහුගේ උපන් දිනය යෙදී තිබුණු ඉකුත් 6 දා දිනය තෝරාගෙන තිබිණි.

ලබන නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයේදී මෙම පිළිරුව විවෘත කිරීමට හැකි වන පරිදි එය ඉදිකිරීමේ කටයුතු ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා හා සෂීදරන් අමාත්‍යවරිය විසින් භාරගෙන තිබුණි.

මේ සඳහා වැල්වෙට්‌ටිතුරෙයි නගර සභාවේද අනුමැතිය ලබාගෙන තිබූ අතර නියමිත නැකතට අනුව පිළිරුව ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට සූදානම් වන විටම පළාතේ තරුණයන් පිරිසක්‌ පැමිණ ඊට විරෝධය පළකොට තිබේ.

මියගිය කොටින්ගේ ස්‌මාරක තැනීමට දේශපාලනඥයන්ට කිසිම අවශ්‍යතාවක්‌ නොමැති බව කියමින් ඔවුන්ට ඉවත්ව යන ලෙස බල කරමින් තරුණයන් ඊට විරෝධය පළකොට තිබේ.

මේ අවස්‌ථාවට මියගිය කොටි නායකයාගේ බිරිඳ හා පවුලේ උදවියද සහභාගි වී සිටි අතර තරුණයන් ඔවුන්ට පවසා ඇත්තේ මියගිය ස්‌වාමියාගේ පිළිරුවක්‌ අවශ්‍ය නම් ඔවුන්ගේ නිවසේ එය ඉදිකර ගන්නා ලෙසයි.

මුල්ගල තැබීමේ නැකතට ආගමික වතාවත් කිරීමට පැමිණි හින්දු කුරුක්‌කල්වරයා ද තරුණයන් පිරිස විසින් එම ස්‌ථානයෙන් ඉවත්කොට කපන ලද වළට පෝස්‌ටර් දමා විරෝධය පළකොට තිබේ.

මේ අවස්‌ථාවේදී ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා හා විරෝධය පළකළ තරුණයන් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගත් අතර තවත් තරුණයන් පිරිසක්‌ වහාම වැල්වෙට්‌ටිතුරේ පොලිසියට ගොස්‌ කරුණු පැහැදිළි කොට පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ මේ ස්‌ථානයට කැඳවා තිබේ.

පොලිසිය පැමිණ ගැටුමකට යැමට තිබූ තත්ත්වය නිරාකරණය කිරීමෙන් පසුව අදාළ පිළිරුවට මුල්ගල තැබීමේ කටයුතු අතහැර මන්ත්‍රීවරයාත් අමාත්‍යවරියත් සංවිධායකයනුත් පිටව ගොස්‌ තිබේ.

 

Related posts

ගම්පහ ආසාදිතය‍ෝ 185ක් දින ගණන් ගෙවල් වල

colombotoday

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

තංගල්ලේ වෙඩි තැබීමක්

Admin

කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 නිලධාරියගේ ගෙදර ගස් බෙනයකින් මතු වෙයි

Admin

අත්අඩංගුවට ගත් ජේලර් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday