Colombo Today Local News

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුව වෙත ලබාදීමට පෙර එම වාර්තාවේ පිටපතක් රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා වෙත ලබා නොදුන් බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පවසා ඇත.

කථානායක වරයා මෙසේ පවසා ඇත්තේ අදාළ වාර්තාවේ පිටපතක් තමාට ලැබුණු බවට රවී කරුණානායක මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්තා පිළිදව ජනාධිපති ලේකම්වරයෙකුගෙන් විමසීමෙන් අනතුරුවයි.

බැදුම්කර වාර්තාවේ පිටපතක් රවී කරුණානායක මහතාට ලබා නොදුන් බවට ජනාධිපති ලේකම්වරයා කථානායක වරයා සමග කියා සිටියත්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ රුපියල් පන්දහසක මුදලක් ගෙවා රවී කරුණානායක මහතා විසින් බැදුම්කර කොමිසන් වාර්තාවේ පිටපතක් කල්තියාම ලබාගෙන ඇති බව අප කළ විමසීමකදී ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වන රවීන්ද්‍ර මහතා කියා සිටියේය.

Related posts

කොල්ලුපිටිය හන්දියේ පිපිරීමක්…

colombotoday

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

colombotoday

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

පොහොට්ටුව හා අලියා දඹුල්ලේදී ගැටෙයි.. දෙන්නෙක් රෝහලේ

colombotoday

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

ලංකාවේ ඩොලර් සංචිත ඉහළට

colombotoday