Colombo Today Local News

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

තපෝවනේ රතන හිමි පළමුව සමාජ ජාලාවලට ප්‍රකාශයක් කරනවා භික්ෂූන්ට දේශපාලනය නුසුදුසු බවත් බලසේනාවේ චීවරදාරින් යනුවෙන් එම ප්‍රකාශය කොහෙත්ම සිල්වත් භික්ෂූවකට සුදුසු නැත, එය කෙලින්ම එල්ල කරන්නේ ඥාණසාර හිමියන්ට උන්වහන්සේට තරහා යාම සාධාරණයි, උන්වහන්සෙ ෆ්බි එකෙ පිළිතුරු දෙන්න ගියේ නැ අදාල කෙනාට කතා කරා වී⁣ඩියෝ එක අයින් කරන්න කීවා සිල්වත් ගුණවත්නම් එය රේකෝඩ් කර සමාජ ජාලාවලට මුදා හැර සමාජය තුළ ප්‍රශ්න ඇති කරන් නැ.

කොහෙදෝ ඉඳන් කිරුළපන හිමියන් ගේම ඉල්ලනවා මට බැන්නානම් බලා ගන්න තිබ්බා කියා, ඒයද සමාජ ජාලාවලට කියන්නේ. ඔහු උගත්නම් පළමුව කළ යුතුව තිබුනේ අදාල පාර්ශවයට කතා කොට කරණු විමසීමයි. ඥාණසාර හිමියන් උන්වහන්සේට කතා කළ දුරකථන ඇමතුමත් සමාජ ජාලාවලට මුදා හරිනවා. ධර්ම ධර වියත් භික්ෂූවක් එසේ කරන්නේ ද නැත, ගිහිකළ හමුදාවේ බැඳි සිටියද යුධ පිටියක හිඳ නැන. එයද බොරුවකි.

ධම්ම් විජය හිමි ඇතුලු පිරිස් මෙම දුරකථන ඇමතුම් රේකෝඩ් කර සමාජ ජාලාවලට මුදා හරින්නේ එහි ඥාණසාර හිමියන්ට විරුද්ධ පිරිසක් සිටින බව දන්නා බැවිනි. ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි. තවද ඥාණසාර හිමි සහ කිරුළපන හිමියන් අතර ඇතිවු තුන්වන් දුරකථන ඇමතුම අසා සිටින ව්ට හොඳින්ම පැහැදිලිවන කරුණනම් කිරුළපන හිමියන්ගේ කිසිදු නිහතමානි කමක් නම්‍යශීලී බවක් නැතිකම, පොරක් වීමට උත්සහ දැරිමක් බව.

ඥාණසාර හිමියන් කිවු පරුෂ වචන කීපය අල්ලගෙන ඇතමුන් බුකියේ වැලලෙන්නේ කිසිදා මුවින් පරුෂ වචනයක් නොකිව් පිරිස් ලෙසය. ඥාණසාර හිමියන් බණ කියන්නත් රටක් තියෙන්න ඕන කිව් කාතාව කව්රුත් කතා කරන්නේ නැත. එය තමයි නියම කුහක කම. තමන්ට අපහාස කරලා බුකියේ පෝස්ට් එකක් දැම්මොත් ඔහුට මෛත්‍රි කරන කිසි කෙනෙක් මේ රටේ නැත. හැමෝම භාවිත කරන්නේ ඥාණසාර හිමිගේ භාෂාවයි.

වගකීමෙන් කියන්නේ, රතන හිමියන්ගේ භාවනාව හුදෙක් පොටෝ සූට් එකක් පමණක් යැයි මට හැඟේ. මේ ප්‍රශ්නය සමාජ ජාලා හරහා සමාජගත වී ඇති නිසාම අපටද සිදුවෙනවා මෙසේ අදහස් දැක්වීමට.

Dayananda Himi

Related posts

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ලංකා නිදහස් සේවක සංගමය උපවාසයක

Admin

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday

“උතුරේ ජනතාවට හමුදාව ශක්තියක්..අපි නිරතුරුවම ජනතාව සමගයි” විග්නේෂ්වරන්ට හමුදාවෙන් පිළිතුරු

colombotoday

මරදාන දුම්රිය ස්ථානයේ වහලෙන් පුද්ගලයෙක් වැටෙයි

Admin

සෞඛ්‍ය රීති කඩකල ආයතන පරිපාලකයින් 1,223කට නඩු

colombotoday