ඊයේ (29) උදෑසන කටුනායක වල්පොල ප්රදේශයේ පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කටියල දෙමංහන්දිය ප්රදේශයේ පදිංචිකාරිනියකි.
ඇය සිය සැමියාගේ මව, පියා සහ දියණිය සමග පදිංචිව සිට ඇති අතර පසුගිය 25 වනදා වල්පොල ප්රදේශයේ ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ බව අනාවරණය වී ඇත.
කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරණ අතර මරණයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.