Colombo Today Local NewsTop Stories

ජවිපෙන් මරපු අය ගැන තොරතුරු දෙන්න – සජබෙ රෝහිණී ගූගල් ලින්ක් එකක් දායි

71-89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මරාදමනු ලැබූවන් 1300කගේ නම් ලැයිස්තුවක්, ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න විසින් සභාගත කරනු ලැබුවාය.

මේ අවස්ථාවේ අතිශයින් වේගවත් කරුණු දැක්වීමක් සිදු කළ ඇය, අතීත ජවිපෙ යම් යම් ක්‍රියාකාරකම් ගැන අනාවරණය කොට සිටියේ උද්වේගකාරී අයුරිනි.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත “බටලන්ද කොමිෂන් සභා වාර්තාව” සම්බන්ධ විවාදයේදී මේ පිළිබඳ වැඩි දුර කරුණු හෙළි කිරීමට බලාපොරොත්තු වන බව කියාසිටින ඇය, ඒ මොහොතේදී සහාගත කිරීම සඳහා ජවිපෙ මගින් මරාදමනු ලැබූ තවත් පුද්ගලයින් සිටීනම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස පාක්ෂිකයින්ගෙන් සහ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී. එම තොරතුරු ඇතුළත් කිරීම සඳහා ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි ගූගල් දත්ත පත්‍රිකාවක සබැඳියක් පළ කොට තිබේ.

එම සබැඳිය පහතින්. ඔබ සතුවද යම් තොරතුරු ඇත්නම් මෙම සබැඳිය හරහා ඇතුළත් කළ හැකිය.

https://forms.gle/stapEVjdaHLGgpTq8

Related posts

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

අල්ලස් චෝදනාවකට වසර 18ක සිර දඬුවම් ලැබූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව

colombotoday

පාර්ලිමේන්තු මන්ත‍්‍රීලාට බදු සහන වාහන බලපත‍්‍.. නව මන්ත්‍රීවරුන් 79කට මුලින්ම

colombotoday

ගුවන්තොටුපොළේ පී.සී.ආර් යළි අරඹයි

colombotoday

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday