එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්ගේ පැමිණීමට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ විරෝධතා ව්‍යාපාරයක් අද සවස ලිප්ටන් වටරවුමේදී ආරම්භ කෙරිණි.
විරෝධතා කරුවන් ලිප්ටන් වටරවුමේ සිට පා ගමනින් තුංමුල්ලේ පිහිට එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිටට පැමිණ ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය පිහිටුවීම හා ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මැදිහත් වීමට එරෙහිව අදහස් දක්වමින් විරෝධය පළ කළහ.
ඡායාරූප ලංකාදීප