Colombo Today Local News

“අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා” ඥානසාර හිමියන් වැලිකඩ සිට ලියූ ලිපිය

gnanasara_thero_l

2016-02-01

හිරගෙදර – වැලිකඩ,
අතිපූජනීය මහනායක හිමිවරු,
ගරු ජනාධිපතිගරු අගමැතිකැබිනට්‌ ඇමැතිවරු වෙත මහත් සංවේගයෙනි,

“අපගේ භාවිතාවන් දෙස හේතුඵලවාදී න්‍යායෙන් බලත්වා”

වසර 20 ක්‌ තිස්‌සේ රටටත්, සම්මා සම්බුද්ධ ශාසනයටත්, ජාතියටත් එරෙහිව පෙළගැසුණු අනේකවිධ සතුරු බලවේග හා මිථ්‍යාදෘෂ්ඨික බලවේග පිළිබඳ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීම පිණිස අපමණ වෙහෙසක්‌ දැරුවෙමි.

වරෙක මෘදු ලෙසත්, තවත් වරෙක ඉතා රළු ලෙසත්, රට දැය, සමය වෙත ඇති අනතුර පිළිබඳව හඬගා කීවෙමු.

බෞද්ධයන්ගේ හා හින්දුන්ගේ චින්තන නිදහසට බාධා කරමින් ආගමික කලකෝලාහල නිර්මාණය කරමින් සදාචාර විරෝධී සහ නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන බලවේග සංවිධාන හැටියට 400 ක්‌ ඉක්‌මවා ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ සියලු මාධ්‍ය මගින් අප අනාවරණය කරද්දී කිසිම සංඝ සභාවක්‌ හෝ කිසිම ඇමැතිවරයෙක්‌ හෝ මන්ත්‍රීවරයෙක්‌ ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට අපට අවස්‌ථාවක්‌ ලබාදී සාකච්ඡා කොට නැත.

බුද්ධ ප්‍රතිමා ගිනි තබමින්, ඒවා බෞද්ධයන් ලවා පොළොවේ ගස්‌සමින් කළ සැහැසිකම් සියෑසින් දැක ඇති මා ඊට එරෙහිව නැඟී සිටිමින් මිථ්‍යා දෘෂ්ඨික බලවේගවලට එරෙහිව නැගීසිටීම විනය විරෝධී නම් ඕනෑම දඬුවමකට සූදානම්ය. ඒ බලවේග සියල්ලම අද මට එරෙහිව අවි අමෝරා ඇති අතර නීතියෙන් මා වරදකරුවකු කොට සිර ගත කිරීමට පිඹුරුපත් සකස්‌ කරමින් සිටී.

මූලධර්මවාදය, මුස්‌ලිම් ආක්‍රමණය පිළිබඳව සාකච්ඡා කිරීමට එකදු අවස්‌ථාවක්‌ හෝ ඔබ වහන්සේලා, පක්‍ෂ විපක්‍ෂ මැති ඇමැතිවරු කිසිවෙක්‌ අවස්‌ථාවක්‌ දී තිබේද? සියලු දේශපාලකයෝ තමන්ගේ බලය උදෙසා කෑ මෝර දෙන විට මා අරගල කළේ නිර්වින්දනය වූ සිංහලයා අවදි කොට සිංහලයාට ඇති එකම රට බේරා ගැනීම පිණිස ම ය.

එහිදී සිදුවූයේ කුමක්‌ද? දේශපාලකයෝ ද ඇතැම් මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා එන්ජීඕ කාරයන්ද මා කලහකාරී, ජාතිවාදී, ආගම්වාදී භික්‍ෂුවක ලෙස හංවඩු ගැසීම පමණි. ඇතැම් අවස්‌ථාවාදී භික්‍ෂූන් ද අලඡ්ජි ලෙසින් අපව නිර්දය ලෙස විවේචනය කරනු පෙනේ.

රටට, ජාතියට එරෙහිව මුස්‌ලිම් ආක්‍රමණික බලවේග පිළිබඳ මා සතුව විශාල ප්‍රමාණයක්‌ සාක්‍ෂි තිබේ. අද වනතෙක්‌ කිසිම වගකිවයුත්තෙක්‌ ඇස්‌ ඇර බලා තිබේද?

සුළු ජාතික, සුළු ආගමික කණ්‌ඩායම්වල ප්‍රශ්න තමන්ගේ ගෙදර ප්‍රශ්නවලටත් කලින් විස¹ දීමට යුහුසුළුවන දේශපාලකයෝ සිංහල සංවිධාන පෙන්වාදී ඇති කිනම් කරුණකට විසඳුම් ලබාදී තිබේද? උදාහරණ ලෙස හලාල් ප්‍රශ්නය, කූරගල ප්‍රශ්නය, අන්‍යාගමික කරන පනත, නැගෙනහිර පුරාවස්‌තු සංහාරය වන්ද්‍යාකරණ, වැඩපිළිවෙළ, ත්‍රිවිධරත්නය යනු මැණික්‌ගල් තුනකි. බුදු හාමුදුරුවෝ මිනී මස්‌ කෑවේය. මැණික්‌ ගල්වලට වඳින්නේ මෝඩයෝය යනාදි වශයෙන් සීඩීපට පවා නිකුත් කොට බෞද්ධයන් කුපිත කරවීමේදී ඔබලා ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද?

අතේ සතයකුදු නැතිව ඒවාට විරුද්ධව, ආත්ම ශක්‌තියෙන් වැඩ කළ මා මිථ්‍යා දෘෂ්ඨික බලවේගවලින් වන හානියට වඩා ශාසනික හානියක්‌ සිsදු කොට තිබේද?

සමහරවිට ඉදිරි දින මට ඇප ලැබුණත් නැතත් දින 14 කට නොව වසර 14 කට සිරබත් කෑමට සිදු වුවත් කිව යුතු දේ ලියා එවිය යුතුය.

අප සතුව ඇති සාක්‍ෂි, තොරතුරු සංයමයකින් තොරව හෙළි කළේ නම් අදටත් මේ රට ලේ විලකි.

මා අහිංසාවාදීව සටන ආරම්භ කළෙමි. ඉදිරියේදී නොනවතින අරගලයක්‌ ලෙසින් එය ගොඩනැගෙනු ඇත.

අපගේ අතීත භාවිතාවන් හා අප සතුව ඇති දේවල් පිළිබඳ සාකච්ඡා කිරීමට මැති ඇමැත්තෝa සමඟ අවස්‌ථාවක්‌ උදා කරන්නේ නම් මැනවි.

වරදක්‌ වී නම් මහනාහිමිවරු කමා කෙරෙත්වා!

මා
ලෝ සසුන් වැඩ වඩන – ගලගොඩඅත්තේ ඥානසාර

Related posts

ගෝල්ෆේස් අරගල භූමිය ආයෝජකයින්ට ලබා දී නෑ – ප්‍රසන්න රණතුංග

Admin

“ජනතාවට බදු පිට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා”

colombotoday

බාල තෙල් නැව තවමත් ත්‍රීමලේ.. තෙල් තොගය වෙනත් නැවකට පටවා ගොඩබෑමේ සූදානමක් !

colombotoday

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

කොවිඩ් ආසාධිත තරුණියන් සම්භාහන මධ්‍යස්ථානවලින් හමුවේ. | සෞඛ්‍ය අංශ ආගිය අයගේ තොරතුරු සොයයි.

colombotoday

මේ ආණ්ඩුව දැන් කෙලින් කරන්න බැරි බලු නකුටක් වගේ – හිටපු අගමැති

colombotoday