Colombo Today Local News

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

යාපනය විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට අමානුෂික අන්දමින් පහර දුන් ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට යාපන විශ්ව විද්‍යාලයේ විනය කමිටුව 18 දා තීරණය කොට තිබේ.

2020-10-08 වෙනි දින අවස්ථා කීපයකදීම ජෙයෂ්ඨ සිසුන් පිරිසක් නවක සිසුන්ට පහර දීම නිසා නවක සිසුන් හය දෙනෙකු තුවාල ලැබූ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ජෙයෂ්ඨ සිසුන් 12 දෙනෙකු චෝදනා ලැබ සිටියහ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හා විනය කමිටුවේ ප්‍රධානී මහාචාර්ය නන්දකුමරන්ගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණ්යේ වාර්තාව 18 දා එළි දැක්වුණු අතර එහිදී ජෙයෂ්ඨ සිසුන් 7 දෙනෙකු වරදකරුවන් බවට පත් වී තිබේ.

එම සිසුන්ගෙන් සිසුන් 4 දෙනෙකුට මාස 6 ක කාලයක පන්ති තහනමක්ද ඉතිරි තුන් දෙනාට වසරක පන්ති තහනමක්ද නියම කොට ඇති අතර මේ කාලයේදී එම සිසුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කොට තිබේ. ඔවුන් සියළු දෙනාගේම ශිෂ්‍යාධාර ඇතුලු සියළුම පහසුකම් අත් හිටුවා ඇත.

Related posts

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය : අභියාචනාධිකරණයෙන් යළි නියෝගයක්

colombotoday

ගුවන් තොටුපොළ විවෘත කිරිම යළි කල් යයි

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

මුස්ලිම් ජාතිකයන්ට ජලගැලුම් නිම්නය වනසන්න දෙන්න විමලවීර දිසානායක මැදිහත් වෙයි. නිලධාරීන්ටත් බැන වදියි.

colombotoday

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday