Colombo Today Local NewsTop Stories

යාපනේ හිස ඔසවන ජාතිවාදී ගිනි පුපුරු – අනාගමික ආණ්ඩුවේ ආගමික ඇමති හුරතල් වෙයි

උතුරේ අන්තවාදී සහ අවස්ථාවාදී කල්ලි, කණ්ඩායම් ඇවිස්සෙමින් අමුතු ජාතිවාදයක් නිර්මාණය වෙමින් / කරමින් තිබේ. තීරණාත්මක මැතිවරණයක් ඉදිරියේ එන පසුබිමක නැගී එන මෙම සිදුවීම් පිටුපස සිටින පුද්ගලයින් හෝ කණ්ඩායම් කවුරුන්ද යන්න වෙනම විමසා බැලිය යුතුය.

මෙහි ආසන්නතම සිදුවීම වන්නේ ඉකුත් දා කන්කසන්තුරේ, තිස්ස විහාරය ඉදිරිපිට පුද්ගලයින් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවයි.

මෙම විරෝධතාව සහ ඒ ආශ්‍රිතව පැනනැගුණු තවත් සිද්ධි ගණනාවක් පිළිබඳව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මෙසේ අදහස් දක්වා සිටී.

උක්ත සිද්ධිය අවස්ථාවේ විහාරස්ථානයේ පවත්වන්නට යෙදී තිබුණු පින්කම් වැඩසටහනක් රජය ඇතුළු පාර්ශ්ව කිහිපයක බලපෑම් හරහා කඩාකප්පල් වී ගිය ආකාරය පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඔහුගේ ප්‍රකාශයෙහි ඇතුළත්ය.

ශ්‍රී ලංකාවේ මහා වංශකථාව වන මහාවංශයේ සඳහන් වන පරිදි දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිවෙන බැව් පැවසෙන තිස්ස විහාරයේ ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව වර්තමානයේ විවාදාත්මක ස්වරූපයක් ගෙන තිබේ. මෙම තත්වය වඩාත් ගැටළුකාරී වී ඇත්තේ යාපනේ දමිල දේශපාලකයින් මෙන්ම බලයට පැමිණෙන පාලකයින්ද මෙම ගැටළුවට විසඳුමක් ඉදිරිපත් නොකරමින් එය අවස්ථාවාදී දේශපාලන වාසි ලබාගන්නා සහ ඉන්පසුව වසා දමන හිඟන්නාගේ තුවාලයක් බවට පත්කරගෙන තිබීමේ පසුබිමක් තුළයි.

කෙසේ වෙතත්, ඉකුත් දිනවලදී යළි පැණනැගුනු උක්ත ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍ය විසින් මාලිමා රජයේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවිගෙන් ප්‍රශ්න කරන ලද අතර එහිදී ඔහු හුරතල් වන ස්වභාවයේ පිළිතුරක් ලබාදෙන අයුරු අපට දක්නට ලැබුණි.

වඩාත් අවබෝධාත්මක තොරතුරු දැනගැනීමක් සඳහා සරත් වීරසේකර හිටපු අමාත්‍යවරයාගේ සහ සුනිල් සෙනෙවි අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් පිළිවෙලින් නරඹන්න.

සටහන – Chalana

Related posts

තෙල්දෙණියේ සිදුවීමට අසාධාරණ ලෙස සිරගත කර සිටින සිංහලයන්ට ඇප ලබා ගැනීමට මැදිහත් වෙන්න – ඥානසාර හිමි මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

ඉඩම් චීනයට දෙනවාට එරෙහිව හම්බන්තොට වැසියෝ වීදි බසී

colombotoday

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday