featuredWorld

පලස්තීනයෙන් රොකට් දහසක් – ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර සියයක්. | ඊශ්‍රායල් පලස්තීන යුද්ධය දරුණු අතට

ගාසා තීරයේ පලස්තීන සටන්කාමීන් සහ ඊශ්‍රායල් හමුදාව අතර සටන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

පලස්තීන සටන්කාමීන් විසින් රොකට් දහසකට වැඩි ප්‍රමාණයක් එල්ලකළ බව ඊශ්‍රායලය පවසයි. බොහොමයක් රොකට් ප්‍රහාර උඩුගුවනේදීම විනාශ කර දැමීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සමත්වී ඇත.

ඊශ‍්‍රායලය ගාසා තීරයට ගුවන් ප‍්‍රහාර සිය ගණනක් සිදු කර ඇති අතර කුළුණු තුනක් විනාශ කර හමාස් ජේෂ්ඨ නිලධාරීන් ඝාතනය කර තිබේ.

සඳුදා සිට අවම වශයෙන් පලස්තීනුවන් 53 ක් සහ ඊශ්‍රායල ජාතිකයින් හය දෙනෙකු මිය ගොස් තිබේ.

ගැටුමට හසු වූ පලස්තීන දරුවන් 14 දෙනෙකු ද ඊට ඇතුළත් ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කියා සිටියේ දැනට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන තමා දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.

මිශ්‍ර යුදෙව් සහ අරාබි ජනගහනයක් සහිත ඊශ්‍රායලයේ නගරවල ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තා අතරතුර සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ පිටතින් සතුරන්ගෙන් සහ අභ්‍යන්තරයේ කැරලි කරුවන්ගෙන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට රජය සිය සියලු ශක්තිය යොදවනු ඇති බවයි.

Related posts

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

රික්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

චීනය අමෙරිකාවට එකට එක කරයි

colombotoday

දෙහිවල සම්පත් බැංකුවේ යකා නටපු මුස්ලිම් ජාතිකයා වහබ්වාදී ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයෙක්?

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි – එය ලැජ්ජාවට කරුණක් බව ට්‍රම්ප් කියයි

colombotoday