Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

ඉස්ලාම් පාසල් පෙළපොත් තුල අන්තවාදී ඉගැන්වීම් අන්තර්ගත වී ඇති බවට පසුගිය කාලයේදී අනාවරණ රැසක් සිදුවිය. එබැවින් ඉස්ලාම් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම තාවකාලිකව නතර කරන ලද අතර මුද්‍රණය කර බෙදා හැර තිබූ පාසල් පෙළපොත් නැවත කැඳවීමට පවා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන ලදි.

මේ අතර, ආදාළ තත්වය නොතකමින් එම පාසල් පොත් මුද්‍රණය කර ඉස්ලාම් දරුවන් අතර බෙදා හැරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිලධාරීන්ට නියෝග කර ඇති බව Colombo Today වෙත අනාවරණය වී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් විසින් සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ නිලධාරීන් රැගෙන අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත හමුවට ගොස් පෙළපොත්වල ඇතුලත් අන්තවාදී අගන්වීම් පිළිබඳ කරුණු සඟවමින් අමාත්‍යවරයා නොමග යවා මෙම නියෝගය ඔහු ලවා නිලධාරීන්ට සිදුකරවා ඇත.

අදාළ පෙළපොත් සංශෝධනය කරන ලෙසට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙහි අධ්‍යාපනය සඳහා වූ අනුකමිටුව විසින්, ඉස්ලාම් පෙළපොත්වල ඇති ළමා මනසට අහිතකර අන්තවාදී ඉගැන්වීම් එකින් එක පෙන්වා දෙමින් සාදන ලද පිටු 500කට අධික ප්‍රමාණයකින් සමන්විත වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කර ඇති පසුබිමක අමාත්‍යවරයා ලබා දුන් මෙම නියෝගය හේතුවෙන් නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

අන්තවාදී ඉගැන්වීම් දැක දැක ඒවා ඉස්ලාම් පෙළ පොත්වල මුද්‍රණය කර දරුවන්ට ලබා දීමට නිලධාරීන්ට අමාත්‍යවරයාගේ නියෝගය හේතුවෙන් සිදුව ඇත.

අනාගතයේ සිදුවන අන්තවාදී ප්‍රහාරයකට ඉස්ලාම් පෙළපොත්වල සඳහන් අන්තවාදී ඉගැන්වීම් හේතු වුවහොත් එහි වගකීම බාර ගන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය මේ වන විට මතුව ඇත.

Related posts

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය පොදු අරගලයක් බවට පත්කරනවා

colombotoday

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

colombotoday

ජ.නි සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති ධූරයට නාම යෝජනා බාර දෙයි.

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

සමාජ මාධ්‍ය ජාලා යථා තත්වයට

colombotoday

ඇමති පුතෙක් හොර අල්ලන්න හරීන්ගේ කාර්යාලයට පැනලා… හරීන්ට අසූහාරදාහටම තද වෙයි (Video)

colombotoday