UncategorizedWorld

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

jihad jhon

ලොව පුරා බොහෝ දෙනෙකුගේ පිළිකුලට හේතු වූ ISIS ත්‍රස්ත සංවිධානයේ ප්‍රධාන අළුගෝසුවා වන “ජිහාඩ් ජෝන්” ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මාධ්‍යවේදීන් ඇතුළු පසුගිය කාලයේ ගෙල කපා මරාදමන වීඩියෝ රාශියක පෙනී සිට ඇත්තේ ජිහාඩ් ජෝන් බවයි පැවසුනේ.

කුවේට් හී උපත ලබා ඇති මොහු වයස අවුරුදු 6 දී එංගලන්තයට පැමිණ කුඩා කාලය ලන්ඩන් නගරයේ ගත කර ඇති අතර ඉතා නිහඩ චරිතයක් බවත් පාසැලේ කටයුතු වලට ඉතා උන්නදුවෙන් සහභාගී ඇති බවත් සදහන්. ඔහු වැඩියෙන්ම ආශා කල පරිගණක ක්‍රීඩාව වී ඇත්තේ Time to Kill නම් ක්‍රීඩාවයි. එමෙන්ම කැමතිම ග්‍රන්ථය වී ඇත්තේ How to Kill a Monster නම් පොතයි.

විශ්ව විද්‍යාල අධ්‍යපනය ලබමින් සිටියදී ඉස්ලාමීය අන්තවාදී සංවිධාන සමග සම්බන්ධ වී කටයුතු කර ඇති මොහු 2012 වසරේදී සිරියාවට පැනගොස් ඇති බවත්, 12 වතාවක් පොලිස් අත්අඩංගුවට පත්වී එයින් පැන යාමට සමත් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා.

සිරියාවේ රක්ඛා නගරයේදී ඇමරිකානු හමුදාව විසින් ඉලක්ක කර එල්ලකරන ලද ඩ්‍රොන් ප්‍රහාරයකින් මොහු මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

Related posts

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

අකුරණදී හකීම්ට හූ සංග්‍රහයක්

Admin

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන යයි

colombotoday

“සජිත් ජනපති නොවුණොත් අපේ අනාගතය ඉවරයි” – බදියුදීන්

colombotoday