extremism & terrorism activitiesWorld

අයිඑස් වෙතින් අනතුරු ඇඟවීමක් : සෑම තැනකම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව පවසයි.

බැග්ඩෑඩ් සිට කොරසාන් දක්වා ෂියා මුස්ලිම්වරුන් සෑම තැනකම ඉලක්ක කර ගන්නා බව අයිඑස් පවසයි.

ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්ත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හැකි සෑම අවස්ථාවකදීම ෂියා මුස්ලිම්වරුන් තම ජාලය විසින් ඉලක්ක කර ගනු ඇති බවයි.

මෙම ප්‍රකාශය තුලින් විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන ෂියා මුස්ලිම්වරුන්ට තර්ජනය කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රාන්තයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා ඇති වූ පිපිරීමකින් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මියගොස් 80 කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය-ඛෝරාසන් (ISK) විසින් භාර ගන්නා ලදී.

ඔක්තෝබර් 8 දා කුන්ඩුස් හි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 100 කට වැඩි පිරිසක් මිය ගියහ.

Related posts

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

ජනපති, අගමැති සහ ආරක්‍ෂක ඇමැති අත්අඩංගුවට | මාලි හමුදාව බලය අල්ලති.

colombotoday

අමෙරිකානු ජනාධිපතිගේ හිටපු උපදේශකට මූල්‍ය වංචා චෝදනා

colombotoday