ඊශ්‍රායලය පවසන්නේ රෆා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක්ව බේරාගත් බවයි.
එම පුද්ගලයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් වාර්තා විය.
දකුණු ගාසා ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාරක යානා දැඩි ප්‍රහාර එල්ලකර ඇති අතර ඉන් පලස්තීන වැසියන් විශාල පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වෙයි.
ඉන් රෆා ප්‍රදේශයට ද හානි සිදුවී ඇති බව සඳහන් වේ.