Colombo Today Local NewsUncategorized

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ලංකාවට පැමිණේ

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඉරාන විදේශ අමාත්‍යවරයා ඇතුළු 20 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිස ඊයේ (19) රාත්‍රී දිවයිනට පැමිණි බව වාර්තා වේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන 21 වනදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට එරට රජයට අයත් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි මෙම පිරිස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් පිළිගනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ සිය සංචාරයේ දී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

Related posts

බස්නාහිර පළාතේ හෙට විවෘත වන පාසල්

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

සියළුම පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින ප්‍රකාශයට පත්කරයි

Admin