featuredWorld

ඉස්ලාම් අන්තවාදීන් ගුරුවරයෙකුගේ හිස ගසා දැමීමත් සමගම ප්‍රංශය නබි තුමාගේ චාලි හෙබ්ඩෝ කාටුන් පෙන්වයි

ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාවක් ලෙස “චාලි හෙබ්ඩෝ” කාටූන් පසුගිය බදාදා සවස ප්‍රංශයේ ටූලූස් සහ මොන්ට්පෙලියර් හි හෝටල්වල ප්‍රධර්ශනය කරන ලදි.

මොහොමඩ්ගේ නබි තුමාගේ පින්තූර පෙන්වීමෙන් පසු මුස්ලිම් සංක්‍රමණික ත්‍රස්තවාදීන් විසින් හිස ගසා මරා දැමූ පාසල් ගුරුවරියක වන සැමුවෙල් පැටිට උපහාරයක් ලෙස මෙය සිදුකර ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටියි.

මුහම්මද් නබි තුමාගේ විකට රූප ඇතුළත් “චාලි හෙබ්ඩෝ” සඟරාවේ කාටූන් හෝටල් දෙක මත ප්‍රදර්ශනය කිරීමට එඩිතර තීරණයක් ගත් බව ඔක්සිටානි කලාපයේ නගරාධිපති කැරොල් ඩෙල්ගා විසින් සඳහන් කර ඇත.

අඟහරුවාදා කැරොල් ඩෙල්ගා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

“2015-01-07 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය “චාලි හෙබ්ඩෝ” කාටූන් ශිල්පීන්ගේ විකට රූප ටූලූස් සහ මොන්ට්පෙලියර්හි ප‍්‍රාදේශීය හෝටල්වල මුහුණත මත ප‍්‍රක්ෂේපණය කිරීමට මම තීරණය කර ඇත්තෙමි. ”

උපහාසාත්මක කලාවට පෙන්වීමට ඇය ගත් තීරණය පිළිබඳව, ප්‍රාදේශීය නගරාධිපති ෆ්‍රාන්ස් බ්ලූ විසින් මෙසේ පැවසීය:

“ප්‍රජාතන්ත්‍රවාදයේ සතුරන් හමුවේ කිසිදු දුර්වලතාවයක් නොතිබිය යුතුය, ආගම යුද්ධ අවියක් බවට පරිවර්තනය කරන අයට ජනරජය විනාශ කිරීමේ දේශපාලන පරමාර්ථය ඇත.”

ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් හෝටල් දෙක සඳහා දැඩි ආරක්ෂාවක් යොදවා තිබී ඇති බව ප්‍රංශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මුහම්මද් නබිතුමා නිරූපණය කරන කාටූන් “චාලි හෙබ්ඩෝ” සඟරාව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව 2015 ජනවාරි මාසයේදී ඉස්ලාමීය තුවක්කුකරුවන් පිරිසක් චාලි හෙබ්ඩෝගේ පැරිස් කාර්යාලයේ හා ඒ අවට පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කළහ.

ප්‍රංශයේ වර්ධනය වන ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි පියවරක් ලෙස එරට පුරවැසිභාවය නොමැති ඉස්ලාමීය අන්තවාදීන් 231 දෙනෙකු වහාම පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

පසුගිය සතියේ සැමුවෙල් පැටී නැමති ගුරුවරයාගේ හිස ගසා දැමීමට හේතු වූ පරිසරය සෑදීම සඳහා මතවාද ප්‍රකාශ කරමින් දායක වූ ඉස්ලාමීය කණ්ඩායම් කිහිපයක් තහනම් කිරීමට ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මේ වනවිට ඉල්ලා තිබේ.

ප්‍රංශ බලධාරීන් විසින් මුස්ලිම් පල්ලියක්ද වසා දමා ඇති අතර පාසලේ ඉගෙනුම ලබන එක් සිසුවෙකුගේ පියා ඉමාම්වරු සමග එකතුව මුස්ලිම් පල්ලියේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති ලිපියක පැටීට එරෙහිව පළි ගන්නා ලෙස ඉල්ලා ඇත. එහිදී ගුරුවරයාගේ නම සහ ලිපිනය ද ප්‍රසිද්ධ කර ඇත.

සඟරාවේ පළවූ ආන්දෝලනාත්මක කාටුන් කිහිපයක්… (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

Related posts

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

ගුවනේ යා හැකි මෝටර් රථයේ පළමු ගමන සාර්ථකව නිමකයි

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

ඇමරිකාවෙන් සිරියාව ඉලක්ක කර මිසයිල 100 ක ප්‍රහාරයක්

colombotoday

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday