Colombo Today Local News

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ලොව ධනවත්ම පුද්ගලයා බවට නැවත වරක් ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් පත්ව ඇති බවයි.

මෙතෙක් ලොව ධනවත්ම මිනිසාගේ ස්ථානයේ රැඳී සිටි ඊලෝන් මස්ක් පසුකර ඔහු එම ස්ථානයට පත්ව ඇත.

මේ වනවිට ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 200ක් බව එම වාර්තා පෙන්වා දෙයි.

ඊලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 198ක් බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව පසුගිය වසරක කාලය තුළදී ඊලෝන් මස්ක්ට ඩොලර් බිලියන 31ක් අහිමිවී ඇති අතර ජෙෆ් බේසොස්ගේ වත්කම බිලියන 23කින් වර්ධනය වී ඇත.

Related posts

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයකට සැරසෙයි

colombotoday

“පුරවැසි බලය“ වියරු වැටෙයි.. එජාපය වෙනුවෙන් මාධ්‍ය කැදවා ජනපතිට බැණ වදී

colombotoday

සහරාන් හෂීම් ගැන 2014 සිට තොරතුරු ලැබුණු හැටි හිටපු TID ප්‍රධානියා කොමිසම හමුවේ කියයි

colombotoday

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා ජයතිලක මිය ගිහින්

Admin