Colombo Today Local News

නීති විරෝ‍ධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

මීගමුව ප්‍රදේශයේ දී නීති විරෝ‍ධී ව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා‍යේ ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද එම දුම්වැටි සොයාගත් බව සඳහන් ය.

දුම්වැටි 600ක් මෙලෙස විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 42ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව යි.

Related posts

ජනපති මෛත්‍රිගේ ප්‍රඥාවන්ත පාලනය නිසා ලංකාව දැන් දිදුලනවා – කැනඩා විදේශ ඇමති

colombotoday

ගම්පහට තවත් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

colombotoday

මන්ත්‍රීන්ට කුලී වාහන සැපයීමේ තීරණය අත්හිටුවයි !

colombotoday

ගෝලීය උණුසුමෙන් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයට අභියෝගයක්!

Admin

ස්වාධීන රුපවාහිනියේ “බ්ලු” පෙන්වන ලනුව අගමැතිට දුන්නේ ඔහුගේම ලේකම්වරයෙක්

colombotoday

විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති නැවතත් කියයි !

colombotoday