Colombo Today Local News

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදර දක්වා පමණක් ඉදිකරන බවත්, එතැන් සිට මහනුවර දක්වා මංතීරු  හතරක මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ(11දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීවේය.

මධ්‍යම අධිවේදී මාර්ගයේ ගලගෙදර සිට මහනුවර දක්වා ඉදිකිරීමේදී උමං මාර්ග හරහා ඉදිකිරීමට සිදුවන අතර ඒ සඳහා අධික වියදමක් වැය වන බැවින් රජය මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේසම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අවස්ථාවක් ලබාදීමට එකඟ වූ බවද පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා,

“කඩවත සිට ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා. ගලගෙදර සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරනවානම් උමං මාර්ග මතින් මාර්ගය ගෙනියන්න වෙන්නේ. එහෙම වුණොත් වඩා වැඩි මුදලක් වැයවෙනවා.ඒනිසා ගලගෙදර සිට මහනුවර දක්වා මංතීරු හතරක මාර්ගයක් ඉදිකරනවා” යැයි පැවසීය.

Related posts

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

ආබාධිත දරුවෙකු බිහිකළ වරදට කාති උසාවිය දුන් නරුම තීන්දුව

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මකයි.

colombotoday

සජිත්ගෙන් දෙරණට පොල්ලක්

Admin

බුලත් විටත් ගණන් උස්සයි…

colombotoday