Colombo Today Local Newsfeatured

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් බෙහෙත් හිඟයක් මැවුවා ද?

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඹෟෂධය (Human Immunoglobulin IV5g-6g) මේ වන විට විශාල ආන්දෝලනයකට ලක්ව ඇති ඹෟෂධයකි. එම ඹෟෂධය 2022 සැප්තැම්බර් මාසය වන විට හිගව පැවති බව එක් පාර්ශවයක් කියද්දී තවත් පාර්ශවයක් එම ඖෂධයේ කිසිදු හිගයක් නොපැවති බවට කරුණු දැක්වීමට ද පටන් ගන්නා ලදී. මෙම ආන්දෝලනයට ලක්වූ ඹෟෂධ ගනුදෙනුව හේතුවෙන් දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් පමණක් නොව ඊට අදාළ උද්ඝෝෂණ මෙහෙයවූ සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් පවා අත්අඩංගුවට පත් විය.

මේ සම්බන්ධයෙන් කවුරු ඇත්ත කියන්නේ ද කවුරු බොරු කියන්නේ ද යන්න අදාළ කාලවකවානුවේ වෛද්‍ය සැපයුම් අංශයේ (Medical supplies Division) සහ රජයේ රෝහල්වල පැවති ඖෂධ සංචිත පිළීබද දත්ත පරීක්ෂා කිරීමෙන් සොයා ගත හැකි හෙයින් අප එම දත්ත පිළීබද විමර්ශණයක් සිදු කළෙමු. මේ විමර්ශණය සදහා 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නිකුත් කරන ලද රජයේ රෝහල්වල ඹෟෂධ ගබඩාවන්හී ඹෟෂධ තත්වය පෙන්නුම් කරන Essential Pharma Items Institutional Stock Position as at 26.09.2022 සහ වෛද්‍ය සැපයුම් අංශයේ ඹෟෂධ සංචිතයේ තත්වය පෙන්නුම් කරන Essential Pharma Items Institutional Stock Position as at 26.09.2022 යන ලේඛණ පාදක කර ගත්තෙමු.

ඒ අනුව අපට පෙනී ගියේ එම 2022 සැප්තැම්බර් 26 වන දින වන විට මෙරට රජයේ රෝහල් සදහා ඹෟෂධ බෙදා හරින රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ මධ්‍යම ගබඩාවෙහි සහ රජයේ රෝහල්වල ඹෟෂධ ගබඩාවන්හී මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් (Human Immunoglobulin IV5g-6g) ඹෟෂධයෙන් ඉතිරිව පැවත ඇත්තේ එන්නත් කුප්පි (vials) 4975 ක් පමණක් බවයි. ඒ රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ මධ්‍යම ඖෂධ ගබඩාවෙහි එන්නත් කුප්පි 1310 සහ රජයේ රෝහල්වල එන්නත් කුප්පි 3665 ක් වශයෙනි.

ශ‍්‍රී ලංකාවෙහි රජයේ රෝහල් පද්ධතිය සදහා මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඹෟෂධයෙහි මාසික අවශ්‍යතාවය එන්නත් කුප්පි 7500ක් පමණ බව ද එම දත්ත තුළින්ම අනාවරණය වේ. එනම් 2022 සැප්තැම්බර් 26 දින වන විට රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ එම ඖෂධය පැවතී ඇත්තේ දින 20 කට පමණක් ප‍්‍රමාණවත් වන පරිදි ය.

මෙම සියළු කාරණා දෙස බැලීමේදී එළඹිය හැකි පැහැදිලි නිගමනය වන්නේ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඹෟෂධය (Human Immunoglobulin) මෙරට රජයේ රෝහල් සදහා මිලදී ගැනීමේ ඉතාම හදිසි අවශ්‍යතාවයක් 2022 සැප්තැම්බර් මස 26 දින වන විට පැවති බවයි.

එපමණක් නොව අත්‍යාවශ්‍ය ඹෟෂධ වර්ග 182 ක හිගයක් 2022 සැප්තැම්බර් මස 26 දින විට පැවති බව ද දත්ත පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන් පෙනී යන්නේ 2022 සැප්තැම්බර් මාසය වන විට ඹෟෂධ වර්ග ගණනාවක දැඩි හිගයක් මෙරට තුළ පැවති බවයි.

සංවාදයට විවෘතයි.

Related posts

ඩොලරය නහුතෙට නගිනවා… යාපනේ කොටි සමරණවා… ජනපති දැන් කතා කරන්නේ අධෝ මුඛයෙන්…

colombotoday

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

colombotoday

අසාද් සාලි සතොසට වංචා කරලා. පරීක්ෂණ ආරම්බ කල බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දෙයි.

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday