Colombo Today Local News

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මීට සුළු මොහොතකට පෙර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්‍රේල් මාසයේදී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ්ගේ සංචාරයෙන් පසුව ඉරාන ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 5කට ද ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව අත්සන් තැබීමට නියමිත‍යි.

එමෙන් ම, මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද පෙරවරුවේ ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday

22 සංශෝධනය අද මැති සබයට

colombotoday

මහින්ද සටන් සගයා වෙනුවෙන් අඩියක් පස්සට ගනී.. ජනපතිට, අගමැතිටත් කතා කරයි

colombotoday

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

colombotoday

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday