Colombo Today Local News

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

ජාත්‍යන්තර සිරකරු සුබසාදන දිනයට සමගාමීව බන්ධනාගාරගතව සිටින රැඳවියන් 417 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කර තිබේ.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2022.09.12 වන දිනට සිර දඬුවම් විඳින රැඳවියන්හට ගත කරන ලද වසරකට හා ඉන් කොටසකට මාස 2 බැගින් 165 දෙනෙකුට සමාව ලබාදී ඇති බවයි.

දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගතව සිටින රැඳවියන් 252 දෙනෙකුට සමාව ලබා දී ඇත්තේ, ගෙවමින් පවතින දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමේ පදනම මත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

colombotoday

කුමාර් අල්ලන්න ඔත්තුව කුමාරගෙන්?

colombotoday

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

colombotoday

අභියාචනා හා විරෝධතා සලකා බැලීමේ කටයුතු සූදානම්

Admin

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්, මහජන ආරක්ෂක ඇමති හමුවෙයි

colombotoday