Colombo Today Local News

2020 ගෝඨාභය පරද්දන හැටි කතා කරන්න මෛත්‍රී – රාජිත රහස් සාකච්ඡාවක් !

පසුගිය සතියද දේශපාලන වේදිකාවේ අතිශය උණුසුම් මාතෘකා කිහිපයක්ම විය. ඉන්ධන , ගෑස් ඇතුලු පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ඉහල යාමද කැපී පෙනුනි. මේ අතර දේශපාලන කරළියේ තැනින් තැන සිදුවූ රහස් කතාබස් පිළිබදවද වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තය ගත කරනු ලැබූවේ පොළොන්නරුවේය. පොළොන්නරුවේ සිටිමින් ඔහු මඩකලපුවේ පැවැත්වෙන මෙවර මැයි දින මහ රැලියේ මෙහෙයුම් කටයුතු කරනු ලැබූ අතර දිස්‌ත්‍රික්‌කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් වූ විශේෂ රැස්‌වීම් කීපයකට ද සහභාගි වීම විශේෂත්වයකි.

විශේෂ හෙළිකොප්ටර් යානයකින් සෙනසුරාදා පොළොන්නරුව බලා පිටත් ව ගිය ජනාධිපතිවරයා මුලින්ම කළේ අමාත්‍ය රාජිත සේනාරත්නගේ ආරාධනයකට අනුව ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින උත්සවයට සහභාගිවීමයි. එය පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයේ දී පැවැත්විණි. රැස්‌වීම අවසන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ අපි ගෙදරට ගිහිල්ලා කෑම ටිකක්‌ කාලා පොඩ්ඩක්‌ කථා කරමු යනුවෙනි. ඒ අනුව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව පොඩි දේශපාලන සාකච්ඡාවකට මුල පිරීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය වූයේ රාජිත සමඟ ඉදිරි මාස 18 ක කාලයෙහි රටේ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරන්නටයි. විශේෂයෙන්ම ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තම කණ්‌ඩායම කවර පිළිවෙතක්‌ අනුගමනය කළ යුතු දැයි යන මාතෘකාව මෙහිදී හොඳින් සාකච්ඡාවට බඳුන් විය. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ඒකාබද්ධ විපක්‌ෂයෙන් ගෝඨාභය රාජපක්‌ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ලොකු සැලසුමක්‌ පවතින බවයි. එසේ වුවහොත් දකුණේ සියලු සිංහල බලවේග ඔහු සමඟ අත්වැල් බැඳගනු ඇතැයි ඔහු උපකල්පනය කරමින් කතා කළේය.

ජනාධිපතිවරණයක්‌ ජයගන්න සිංහල බහුතරයක්‌ ඡන්දෙ දුන්න කියලා බැහැ. ඒ සඳහා 50% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ තියෙන්න ඕන. ගෝඨාභය කොහොමද දෙමළ මුස්‌ලිම් ජනතාවගේ ඡන්ද නොගෙන 50% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගන්නේ… එයා ආවොත් අපට ලේසියි ජයග්‍රහණය කරන්න. හැබැයි ඉතිං අපේ බලවේගය හැමදාම එකට නොකැඩී පවතින්න ඕන.

යූ එන් පී එකත් ශ්‍රී ලංකා එකත් දැන් වෙන වෙනම දේශපාලනය කරන්නයි එකඟ වෙලා තියෙන්නේ…. දෙගොල්ලන්ගෙම ලොකු ඉල්ලුමක්‌ තියනවා වෙන වැඩ කරන්න ඕන කියලා.

එක එක්‌කෙනාගෙ මනස්‌ගාත අදහස්‌ තියනවා. නමුත් ජනාධිපතිතුමනි අපි ඉදිරියේදීත් දෙගොල්ල එකතුවෙලා වැඩ කරන්නයි උවමනා. දෙගොල්ල එකතුවෙලා ඉතිරි ටිකත් දිගටම ගමනක්‌ ගියොත් අපි හැමෝටමත් රටටත් අනාගතයක්‌ තියෙනවා. අපි එකතුවෙලා වැඩ කරමු. රාජිත ඉතා තීරණාත්මක ව ඉල්ලා සිටියේ ය.

ඉන්පසුව රාජිත ජනාධිපතිවරයාට යෝජනා කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ එක්‌ව ඉදිරියේදී අනුගමනය කළ යුතු නව දේශපාලන වැඩපිළිවෙළකි. සාකච්ඡාව මෙසේ සතර කන් මන්ත්‍රණයක්‌ ලෙස සැලකිය යුතු වේලාවක්‌ පැවත තිබේ.

Related posts

ජිනීවා සමුළුවට තවත් ටොම් පචයක්.. නිවැරදි කරන්න තානාපති කාර්යාලයේ කවුරුවත් නෑ

colombotoday

ආණ්ඩුවක් ගත්තට මේ අයට කිසි වැඩපිළිවෙලක් තිබිලා නෑ

Admin

ඉතාම ආදරයෙන් මිනිස්සු අපිව පිලිගන්නවා. අපිව දැක්කහම ලගට දූ…වගෙන එනවා

colombotoday

20 අද පාර්ලිමේන්තුවට

colombotoday

බිත්තරයක මිල රුපියල් 5කින් අඩු වෙයි

colombotoday

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday