Colombo Today Local NewsCovid 19

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

වහාම ක්‍රියාත්මක වන පරිදි හොරොව්පොතාන ‘කිව්ලේකඩේ’ ජුම්මා පල්ලියේ  පූර්ණ භාරකාර මණ්ඩලයම ඉවත් කර  තාවකාලිකව විශේෂ භාරකරුවකුට පවරා තිබේ.

නැවත දැනුම්  තුරු  සියලු පල්ලිහි සියලුම සමූහ ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස  දැනුම් දී තිබියදී ඉකුත්  27 වැනිදා දේවමෙහෙයක් පැවැත්වීමට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි.
 
ශ්‍රී ලංකා වකුෆ් සභාව මගින් පසුගිය  15 වැනිදා  කොරෝනා මැඩලීමේ  ජාතික ක්‍රියාදාමයේ පිහිටා  සියලු පල්ලිහි සමූහ ක්‍රියාකාරකම් නැවැත්වීමට නියෝග කර තිබිණි.

මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍යභාර  කටයුතු පිළිබඳ හා මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ලේකම්ගේ අත්සන සහිතව මෙම නිවේදනය නිකුත් කර ඇත.

Related posts

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

colombotoday

තර්ජණයට ලක්වූ මහුදු මහා විහාරය, ගරුකන්ද ගැන අගමැතිගේ අවධානය !

colombotoday

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

colombotoday

රටම බලා සිටි, ජනපතිගේ විශේෂ ප්‍රකාශය හෙට !

colombotoday

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

ගෙවුණු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 ක්… කලාප 82 ක් අධිඅවදානම්..

colombotoday