පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නීතිඥ්ඥවරයා වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශයේදී බවද එම නිලධාරීයා වැඩිදුරටත් සදහන් කළේය.
මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් යන අයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (14) පුත්තලම ප්‍රදේශයෙනි.
මේ වන විට මොවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා ප්‍රශ්න කිරිම් සිදුකරනු ලබන බවද සදහන් වෙයි.