Colombo Today Local NewsTop Stories

දේශපාලඥයන්ට පාසල් උත්සව වාරණයක් නෑ! බොරුව අතේ පත්තු වී හරිනිගේ රෙදි ගැලවෙයි

දේශපාලඥයින් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වමින් පසුගිය සැප්තැම්බර් 26 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයෙහි පිටපතක් සමාජ මාධ්‍යයෙහි එවක බොහෝ සෙයින් සංසරණය වූ ආකාරම ඔබටද මතක ඇතියි සිතමු.

අග්‍රාමාත්‍යවරියගේ අණින් නිකුත් කරන ලද බැව් පැවසුණු එකී තීන්දුව අගයමින්, පසසමින් මාලිමා හිතවාදී සියළු පිරිස් මෙන්ම බොහෝ මධ්‍යස්ථ මතධාරීන්ද ප්‍රතිචාර දැක්වූ අයුරු අපිට නම් තවමත් මතකයේ රැඳී පවතී.

කරුණු මෙසේ තිබියදී හිටපු කථානායක අශෝක සපුමල් රංවල විසින් පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකට සහභාගී වූ පුවතක් පිළිබඳ පොදුජන පෙරමුණු මන්ත්‍රී ඩී. වී. චානක විසින් සභාවේදී ඊයේ ප්‍රශ්නයට නගනු ලැබීය.

චානක මන්ත්‍රීවරයාගේ පැණයට පිළිතුරු දෙමින් එවන් වාරණයක් පනවා නැති බවට අග්‍රමාත්‍යවරිය සභාව ඉදිරියේ ප්‍රතිඥා දුන් අයුරු ඊයේ සියලුම මාධ්‍ය පාහේ වාර්තා කරනු ලැබීය.

එහෙත් එම ප්‍රකාශය මාලිමාවේ කුප්‍රකට උගන්ඩා සල්ලි සහ දැනුවත්ව බොරු කීමේ න්‍යාය බඳුම තවත් එක් ප්‍රකාශයක් පමණක් බව තතු දන්නෝ දනී.

ඒ බව තහවුරු කිරීමට පහත ලියවිල්ලම පමණක් ප්‍රමාණවත්ය.

කරුණු මෙසේ තිබියදී, මෙම කාරණය සම්බන්ධයෙන් අද හිටපු පාරිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්. සී. දොලවත්තද දැඩි විවේචනයක් කරන අයුරු දක්නට ලැබිණි.

වීඩියෝව පහතින් නරඹන්න

සටහන – චලන

Related posts

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

colombotoday

පොලිසිය සිදුකල ඉල්ලීම

Admin

Video: කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරිම චීනයට දීමේ දුෂිත ගනුදෙනුව

colombotoday

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

ඇමති ආරක්ෂකයෝ විදෙස් තරුණියකට අතවර කරලා.. පැන යද්දී දෙන්නෙක් අල්ලයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමේ සූදානමක් !

colombotoday