Colombo Today Local NewsTop Stories

ගුරුකන්ද නාහිමි ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කළා. TNA ගොනුකළ නඩුව මැයි 13 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග

මුලතිව්, නයාරු, ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් ද්‍රවිඩ සන්ධානය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුව අද කොළඹ අභියාචනාධිකරණයේදී නැවත කැඳවනු ලැබූ අතර අධිකරණයේ කාර්ය බහුලත්වය හේතුවෙන් මැයි 13 වනදා යලි කැඳවීමට නියෝග කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සමග නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ අෂාන් නානායක්කාර, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ නිලුකා දිසානායක යන මහත්ම මහත්මීන් පෙනී සිටින ලදි.

පෙත්සම්කාර දෙමල ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පෙනී සිටින ලදි.

Related posts

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

පළමුව ජනමත විචාරණය.. පළාත් පාලන මැතිවරණය ඉන් පසු !

colombotoday

ලන්ඩන් ප‍්‍රහාරකයා ශී‍්‍ර ලාංකික සංක්‍රමණිකයෙක්

colombotoday