Colombo Today Local News

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සඳහා මූලික තොරතුරු ලබාදී ඇත්තේ පැවති යහපාලන රජය විසින් බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන් කරති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මේ අදහස් පල කරන ලදී.

හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙසේ තොරතුරු ලබා දී ඇති බවත්, ඔවුන් විසින් පසුගිය වසර පහ පුරාවට ලබාදුන් තොරතුරු ඇමරිකාව විසින් විශ්වාසනීය තොරතුරු ලෙස සඳහන් කරන බවද උන්වහන්සේ කියා සිටියහ. උන්වහන්සේ එහිදී පැවසූහ.

අද දිනයේ හමුදාපතිවරයාට එල්ල වූ මේ චෝදනාව හෙට දවසේ ආරක්ෂක ලේකම්වරයාට අනිද්දා වනවිට ජනාධිපතිවරයාට පවා එල්ල විය හැකි ද හිමියෝ පැවසූහ.

Related posts

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය ජනතා සහය පතයි.

colombotoday

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

colombotoday

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

colombotoday

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

යහපාලන සමාදාන තාප්පයක්, සාම කුළුණක් උතුරේ හැදෙයි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පහළට දැමේ

colombotoday