රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ සුව දුක් විමසීම සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද දහවල් වැලිකඩ නව මැගසීන් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.
රොහින්ග්‍ය සංක්‍රමණිකයන් රැදී සිටි ගල්කිස්සෙ මහල් නිවාසයක් අසල විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියෝ මේ මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. සිද්ධියට අදාලව තවත් සිව් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.