මේ රටේ දේශපාලන පක්ෂ කොතරම් දුරකට දීන වෙලාද නිහීන වෙලාද යන්න ජනාධිපති අපේක්ෂකයන් තෝරාගැනීමට යාමේදී පෙනී යන බව බොදු බල සේනා සංවිධානයේ ලේඛම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.
ප්‍රධාන දේශපාලන පක්ෂ බහුතර සිංහලයාගෙන් නොඅසා උතුරේ ආර් සම්බන්ධන්, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් වැනි පුද්ගලයන්ගේ කැමැත්තට ජනාධිපති අපේක්ෂකයන් තේරීමට කටයුතු කරන බවට ඥානසාර හිමියෝ චෝදනා කර සිටියහ.