මෙවර අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිරකරුවන් බැලීම සඳහා දින 5ක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බැවින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැහැ දැකීම සඳහා ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇති බව බොදු බල සේනා සංවිධානය පවසනවා.
උන්වහන්සේ බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පනවා තිබූ සීමා මෙම දින 5 තුල ක්රියාත්මක නොවන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.