Colombo Today Local News

පන්සල වට කල යහපාලන පොලිසිය රාජකාරියට බාදා කළායැයි ඥානසාර හිමිට විරුද්ධව ගොනු කල නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ විහාරස්ථානයේ පුණ්‍ය කටයුත්තක් සිදු කරමින් සිටියදී 2017 වසරේදී පොලිස් නිලධාරීන් පිරිසක් උන්වහන්සේගේ විහාරස්ථානය වට කර සිටීම නිසා ඒ පිළිබඳව සොයා බැලීමට පොලිස් නිලධාරීන් අසලට වැඩම කල ඥානසාර හිමිට විරුද්ධව මාර්ග බාදක රාජකාරියේ නිරත වෙමින් සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාදා කල බව පවසමින් ගොනු කර ඇති නඩුවක් අද (17) දින අලුත්කඩේ අංක 4 මෙහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

පොලීසිය විසින් පැමිණිල්ලේ සාක්ෂි අද (17) දිනයේදී මෙහෙයවනු ලැබූ අතර, හරස් ප්‍රශ්න ඇසීම සඳහා නඩුව අප්‍රේල් 3 දින දක්වා කල් තබන ලදි.

යහපාලන ආණ්ඩුව සමයේදී මෙවැනි නඩු කිහිපයක් ඥානසාර හිමිට විරුද්ධව ගොනු කර ඇත. යහපාලන රජය ජනතා අප්‍රසාදයට පත්වීමට ද ප්‍රධාන සාධකයක් ලෙස භික්ෂුන් වහන්සේලා සිරගත කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය මෙහෙයවීම බලපෑ බව ජනතාව අතර මතයක් පවතී.

පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ , නීතිඥ ප්‍රතාප් වලිකුඹුර, නීතිඥ සෙව්වන්දි මාරඹේ යන මහත්ම මහත්මීන් පෙනී සිටින ලදි.

Related posts

අද රාත්‍රී 10 සිට රටපුරා යළිත් ඇඳිරිනීතිය

colombotoday

ආචාර පෙළපාළි, වෙඩිමුර නෑ.. රණවිරු දිනය නිමිත්තෙන් යාපනයේ කසල ශෝධනයට හමුදාව යොදවයි

colombotoday

සීමාවටත් එහා ණය ගන්න අලුත් පනතක් ගැසට් කරයි.. සම්මත කරගන්න හෙට අනිද්දාම පාර්ලිමේන්තුවට

colombotoday

ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

colombotoday

කේරළ ගංජා කිලෝ 61ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

colombotoday

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday