ඊයේ (4) දිනට යෙදී තිබූ බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය නිමිත්තෙන් ඇලහැර ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අසරණ පවුලක් වෙනුවෙන් ඉදිකෙරුණු නිවසක් උන්වහන්සේගේ සුරතින් විවෘත කිරීම සිදුවිය.
එම ගම්මානයේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන් ඊයේ(4) දින දානය ලබා දීමක් ද සිදුවූ අතර මේ සඳහා ඥානසාර හිමි ප්‍රමුක මහා සංඝරත්නය සහ සැදැහැවත් ගිහි පින්වතුන් පිරිසක් එක්ව සිටියහ.