Colombo Today Local NewsHot News

මුලික විරෝධතා ප්‍රතික්ෂේපයි ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරේ

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළඳී කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිනිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පැමිනිල්ල විභාග කිරීමට අද  තීන්දු කළේය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්  අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි සඳහන් කරමින් ඒ හිමියන්ට එරෙහි චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී කියවනු ලැබූ අතර පැමිනිලි   විභාගය ලබන මැයි 16 වැනිදා ඇරඹීමටද අභියාචානධිකරණය නියම කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තිය උල්ලංඝනය කල බව පවසමින් බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව චෝදනා 4 ක් එල්ල කර ඇති අතර සියලු චෝදනාවලට තමන්වහන්සේ නිවැරදිකරු බව උන්වහන්සේ අධිකරණයේදී ප්‍රකාශ කර සිටියා.

1. අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීමෙන් අගෞරව කිරීමෙන් සහ යුක්තිය පසිදලීමට අධිකරණයට ඇති බලයට අනර්ථකාරී ලෙස හැසිරීම.
2. අධිකරණය මගින් ලබාදෙන නියෝග පිලි නොගන්නා බවට සහ රටේ පවතින නිතිය පිළිනොගන්නා බවට ප්‍රකාශ කිරීම.
3. එක්නැලිගොඩ නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස අණකර සිටීමෙන් අධිකරණයට අගෞරව කිරීම.
4.රජයේ නිතිඥ්ඥ දිලීප පීරිස්ට “නපුන්සක රාජ්‍ය නිලධාරියා” ලෙස පැවසීම.

අභියාචනාධිකරණයේ සභාපති  විනිසුරු විජිත් මළල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි  අද(28) මෙම පැමිණිල්ල කැඳැවිණි.

මාධ්‍යවේදියකු ලෙස පෙනීසිටි කොටි ඔත්තු කරුවෙකු ලෙස සැලකෙන, ප්‍රදීප් එක්නැළිගොඩ  අතුරුදන් කිරීමේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ  අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්   අධිකරණයට අපහාසයක් සිදු කර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස   හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නඩුව අභියාචනාධිකරණයට යොමුකර තිබිනි.

Related posts

හකීම් මොහොමඩ් තිල්ශාඩ් ගේ මෘත ශරීරය යළි පී.සී.ආර් කරන්නැයි ඉල්ලා පියා ගොනුකළ පෙත්සම වීසිකරයි.

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday