Colombo Today Local News

රටේ කිසිම පොල් හිඟයක් නෑ

රටේ පොල් හිඟයක් නැතැයි ද විපක්ෂය රටේ පොල් මාෆියාවක් හදමින් හිඟයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ චෝදනා කරයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ සතොස ඔස්සේ සති දෙකකට පොල් ගෙඩි ලක්ෂ 15ක් බෙදා හරින්නේ වෙළඳපොළේ පොල් ගෙඩියක් රු. 200 ඉක්මවා යෑම පාලනය කිරීමට බවයි.

මෙම පොල් හිඟයට හේතුව පසුගිය වසරට වඩා මේ වසරේ පොල් අස්වැන්න 14%කින් පමණ අඩු වීම නිසා යැයි ද ඇමැති සමරසිංහ සඳහන් කරයි.

ඇමැතිවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සතොස ඔස්සේ සති දෙකකට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදා හැර ප්‍රමාණවත් නොවන බවට සහ රටේ දෛනික පොල් අවශ්‍යතාව ලක්ෂ 40ක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

Related posts

මා හමුදා සෙබළුන් ඝාතනය කළා ඒක හැමෝම දන්න ඇත්තක් නමුත් මා අත්අඩංගුවට ගන්න බෑ..මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ

colombotoday

ETF – EPF ස්වාධීන මණ්ඩලයක් යටතට ගන්න යයි

Admin

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

Admin

රටට සෙත් පතා පිරිත් දැමූ හිමි නමකට පොලු පහර

colombotoday

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

colombotoday

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin