Colombo Today Local NewsTop Stories

Video: හෝමාගම අධිකරණයෙන් වරදකරු කෙරූ ඥානසාර හිමි, එලියට පැමිණ සිදුකල විශේෂ ප්‍රකාශය

කොටි ත්‍රස්තයන්ට ඔත්තු සැපවූ බවට චෝදනා ලබා සිටි මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි, ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කළායැයි කියන සිද්ධියක් සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් හෝමාගම මහේස්ත‍්‍රාත් උදේස් රණතුංග මහතා ඊයේ (24) තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

තීන්දුවත් සමගින් අධිකරණයෙන් පිටතට පැමිණි ඥානසාර හිමියෝ දැක්වුවේ මෙවන් අදහසකි….

“අද එක්නැලිගොඩ නඩුව සම්බන්දයෙන් අවසන් තීන්දුව ලබා දීමටයි නියමිතව තිබුනේ… එය කල් ගියා… එක දෙයක් අපි මතක් කරන්න ඕනි… මේ අධිකරණවල මොන හිරිහැරවලට අපි පත් වුනත් මේ රටට නිදහස දිනා දුන් රණවිරුවන් වෙනුවෙන් අපි කැප විය යුතුයි… අපි දකිනවා අද වන විට අවුරුදු 30ක් ම්ලේච්ච ත්‍රස්තවාදයෙන් බැට කෑ ජාතියක්, හරි ඉක්මනට ඒක අමතක කරලා තියෙනවා. ඒ සංසිද්ධීන් දෙස බලද්දි අපිට පුදුමයක් දැනෙනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ අතීත විරුවන් සමරන්න. අතීත විරුවන් සිහිකරලා ස්මාරක තනනවා. ඒ අතීත විරුවන්ගේ නම් ගුණ සිහිකරලා ඒ ඒ උපත් සහ විපත් පත්වෙච්ච දිනවලට බොහෝ දෙසුම් පවත්වලා, ආචාර සමාචාර පවත්වා ඒ විරුවන් සමරනවා. ඒ වගේම අනාගතයේ විරුවන් පහළවේවා කියලා ප්‍රර්ථනා කරනවා. දියසේනලා උපදිනකන් බලාගෙන ඉන්නවා. හැබැයි වර්තමානයේ අපි වෙනුවෙන් කැපකිරීම් කරන විරුවන් මිනිස්සු අමතක කරනවා. ගර්හාවට ලක්කරනවා. නින්දාවට පත් කරනවා.

හරියටම අපි මේ ගෙවමින් සිටින්නේ 1818 කැරැල්ලෙන් අපේ රණ ශුර මී මුතුන් මියැදිලා මේ 2018 වසරට අවුරුදු 200ක් ගතවෙන අවුරුද්ද. එදත් එක්නැලිගොඩලා ගැන කියවුනා. එදත් ඒ විරුවෝ සුදු අදිරාජ්‍යයේ තුවක්කුවට ජිවිත බිලි දුන්නා. අදත් සිද්ධවෙන්නේ ඒකමයි. ඒ නිසා අපිට මොනතරම් මග අවහිර කලත්, අපි අපේ කැපවීම මේ අපේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් විශේෂයෙන් රටට නිදහස දුන් රණ විරුවන් වෙනුවෙන් කැපකරන බව මතක් කිරීමට කැමතියි.”

 

Related posts

මුස්ලිම් ඇමතිවරු ජනපති හමුවේ – ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයටත් දේශපාලනය රිංගයි – ජ්‍යෙෂ්ඨ විනිසුරුවරියට කැපිල්ලක්

colombotoday

සාගර ගේ ගම්මන්පිල විරෝධය ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ඒමේ විරෝධය මැඩ පැවැත්වීමට ගහපු ගේම් එකක් ?

colombotoday

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

කුරුණෑගල රණවිරු ස්මාරකය ඉවත් කළේ පාර හදන්නයි.. තිබුණට වඩා හොද එකක් හදනවා – ජනපති

colombotoday