Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් බොදු සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් වැලිකඩ බන්ධනාගාර පාලනාධිකාරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කොටි සංවිධානයට උදවු කළා යැයි විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවූ මාධ්‍යවේදීයෙක් ලෙස හඳුන්වන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කළායැයි සඳහන් නඩුවකට වරදකරු කරමින් මාස 6ක සිරදඬුවමක් ලබා දීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මීට ඉහතදී කටයුතු කල අතර එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමි විසින් හෝමාගම මහාධිකරණයේදී ඇපෑලක් ගොනු කරන ලදි. එම ඇපෑල සලකා බැලූ හෝමාගම මහාධිකරණය ඥානසාර හිමිට ලබා දී තිබූ මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවන ලද අතර එම තීන්දුව අද (22) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කියවීමට දින නියමකර තිබුණි.

Related posts

විදෙස් මුදල් විශුද්ධිකරණය කල 4 ක් STF අත්ඩංගුවට

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

colombotoday

අල් ජසීරාවේ තිබූ ප්‍රකාශය රහසේම ඉවත් කර ගනියි. අලි සබ්‍රි බබා වෙන්න දඟලයි. සාක්ෂි සාධක සහිතව ඇත්ත මෙන්න.

colombotoday

රූකාන්තට එජාපයෙන් ආසන සංවිධායක ධූරයක්

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday